“ජාතක පොත පොදු ජනයා උදෙසා පොදු ජනයා විසින් ම රචිත ගද්‍යයක් වැන්න.”

- ජාතක කතා විමසුම -

“ජාතක වස්තු සියල්ලම බුදුන්වහන්සේගේ හෝ භික්ෂූන්ගේ හෝ නිර්මාණයෝ නොවෙත්, වර්තමාණ වස්තු හැර අනෙක් ජාතක කතා වලට වස්තුබීජ වූයේ අනාදිමත් කාලයක සිට ඉන්දියාවේ පොදු ජනයා අතර පැතිරි ජන කතායි. ඒ ජන කතා චිත්ත චෛතසික විභාගයෙහි ශූර භික්ෂූන් හා ගිහියන් අතින් සකස් වීය. ජාතක කතා වල ශ්‍රේෂ්ඨත්වයට හේතුව නිදහස් මතවාදී බෞද්ධයන් විසින් ඒ කතා සකස් කරනු ලැබීමයි.”



- ජාතක කතා විමසුම -