      |
“ජාතක අටුවාවේ කතුවරයා පිළිබඳ ව හෝ එය ලියන ලද වකවානුව පිළිබඳව හෝ ස්ථීර නිගමනයකට අපට එළඹිය හැකි දැ?යි අප විසින් සොයා බැලිය යුතුය. විවිධ අංගෝපාංගයන්ගෙන් වර්ධනය නාවූ ජාතක, ආචාර ධර්ම ප්‍රයෝජනයක් සඳහා මුලදී භාවිත වෙන්නට වූ අතර ජනප්‍රියතාවයත් එහි ඇති වාස්තවික ප්‍රයෝජනයත් ඒවා සංග්‍රහ කිරීම සඳහා හේතු වන්නට ඇත. දෙවැනි සංගායනා අවස්ථාවේදී ද ජාතක සංග්‍රහයක් තිබිණැයි දීපවංශයේ සඳහන් වුව ද මෙම කතා සංග්‍රහය කවුරුන් විසින් සකස් කරන ලද්දේ ද යන්න ගැන හෝ මිහිඳු මා හිමියන් විසින් ලංකාවට හඳුන්වා දෙන ලද සිංහල පිටපත යළි පාලියට නැගුවේ කවුරුන් විසින් ද? යන්න ගැන හෝ කිසිම සඳහනක් ජාතක අටුවාවේ නැත. එමෙන් ම එය පැහැදිළි කර ගැනීමේ දී දීපවංශයෙන් හෝ වෙනත් ඓතිහාසික මූලාශ්‍රයකින් හෝ ඍජුව අපට ලැබෙන පිහිටක් ද නැත.”
- ජාතක සංදර්භය හා කතා රටාව -
(30 වෙනි පිටුව) |