|
තවද එක් සමයෙක්හි තුන්ලොවට නැගු ප්‍රදීපයක් වැන්නාවු සර්වඥයන් වහන්සේ අනුපිය නම් නුවර ආශ්‍රය කොට අනුපිය නම් අඹ වනයෙහි වැඩවසන සේක් සුඛවිහාරී වූ බද්ධිය ස්ථවිරයන් වහන්සේ අරඹයා මේ ජාතකය වදාලසේක.
සුඛවිහාරී වූ බද්ධිය ස්ථිවිරයන් වහන්සේ සත්‍රිය රාජකුමාරයන් සදෙනාගේ සමා සමයෙහි උපාලි ස්ථවිරයෙන් වහනසේ සත්වැනි කොට පැවිදි වූ සේක. ඔහුන් අතුරින් බද්ධිය ස්ථිවිරයෙන් වහන්සේය, කිම්බිල ස්ථිවිරයන් වහන්සේය, භගු ස්ථවිරයන් වහන්සේය,දේවදත්ත ස්ථවිරයන් වහන්සේය. යන සතර දෙනා වහන්සේ රහත් වූ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ සෝවාන් වූ සේක. අනුරුද්ධ ස්ථිවිරයන් වහන්සේ දිවැස් ලත් සේක. දෙව්දත් ස්ථවිරයන් වහන්සේ ධාන්‍ය ලාභි වූ සේක. සත්‍රිය රාජ කුමාරවරුන් සදෙනාගේ කථාව අනුපිය නුවර දක්වා ඛණ්ඩංගාල ජාතකයෙහි මතු ප්‍රකශ වන්නේය. ආයුශ් මත් වූ භද්දිය ස්ථවිරයන් වහන්සේ වනාහි රජවූ කල්හි තමන් රක්ෂා කරන සේක් රක්ෂාවට විධාන කිරීමද පළමු කොට බොහෝ ආරක්ෂාවෙන් රක්ෂා කරන ලදුව මතු මහල් තලයෙහි මහ යහන් හි ඔබිනොබ පෙරෙලෙමින් සයන කරන්නා වූ තම හට භය පැමිණිමද දැන් අරහත් ඵලයට පැමිණ ආරණ්‍යාදී වූ යම් කිසි තැනෙක් හි හැසිරෙණ සේක් තමාට පහ වූ බය ඇති බව දක්නා සේක් ඉතා සැපය ඉතා සැපයි කිය කියා ප්‍රිති වාක්‍ය පවත්වන සේක. ඒ අසා භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් වූ භද්ධිය ස්ථවිරියන් වහන්සේ අභිතත්වය ප්‍රකාශ කරන සේකැයි කියා සර්වඥයන් වහන්සේට දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාරන සේක් මහණෙනි භද්ධිය ස්ථිවිරයෝ සැප විහාරි වූවෝ දැන් මතු නොවෙති. පෙරත් සැප විහාරි වූ හයි වදාරා භික්ෂුන් විසින් ඒ කාරණය ප්‍රකාශ කරනු පිණිස යාඤ්ඤා කල කල්හි සර්වඥයන් වහන්සේ භවයෙන් වැසි තුබුනු ප්‍රකාශ කොට වදාල සේක.
|