www.ජාතක කතා.org

යටගිය දවස එක් පර්වත ප්‍රාන්තයෙක්හි සිංහයෙක්ද ව්‍යාඝ්‍රයෙක් දැයි කියා යහළුවෝ දෙදෙනෙක් එකම ගුහාවෙක්හි වසන්නාහුය. එකල්හි බෝධිසත්වයන් වහන්සේද සෘෂිප්‍රවෘජ්ජාවෙන් පැවිදිව ඒ පර්වත ප්‍රාන්තයෙහි වාසය කරණසේක. ඉක්බිත්තෙන් එක් දවසක් ඒ යහළුවන් දෙදෙනාට ශිතය නිසා විවාදයක් උපන, ව්‍යාඝ්‍රයා කාළපක්ෂයෙහි වන්නේයයි කීයේය. සිංහයා ජුණහපක්‍ෂයෙහි ශිතවන්නේයයි කීයේය. ඔහු දෙදෙනාම තමාගේ ශංකා සිඳින්ට නොහැකිව බෝධිසත්වයන් වහන්සේ අතින් විචාළාහුය. බෝධිසත්වයන් වහන්සේ වදාරණ සේක් කෘෂ්ණ පක්ෂයෙහිද නොහොත් ශුකුල පක්ෂයෙහිද යන මේ දෙපක්ෂයෙන් යම් කලෙක්හි පූර්වාදී දිගින් යුක්තව මාරුතය හමාද එසමයෙහි ශිතවෙයි. ඊට කාරණ කවරේද.ශිතය වාතයෙන් හටගන්නේය. වායු හමන කල්හි ශිතය වන්නේය. කෘෂ්ණපක්‍ෂය ශුකල්පක්‍ෂයම ප්‍රමාන නොවන්නේය. තොපි දෙදෙන මේ ප්‍රශ්නයෙහි නොපැරදුනාහ. මෙසේ බෝධිසත්වයන් වහන්සේද මහණෙනි පෙරත් මා විසින් තොපට මේ ප්‍රශ්නය කියන ලද්දේයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යයන් ප්‍රකාශ කොට වදාළ සේක. චතුස්සත්‍යයාගේ කෙළවර එර් ස්ථවිරයන් දෙදෙනා වහන්සේම සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. ශාස්තෘන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළ සේක. සිංහතෙම ජුණහස්ථවිරවූයේය. ප්‍රශ්නය විසර්ජනය කළාවූ තපස්විම උපන්නෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

www.ජාතක කතා.org