www.ජාතක කතා.org

තවද එක්සමයෙක්හි සව්නේගෙවාදත් බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් වැඩ කළ මහණ වූ භික්ෂුන් දෙනමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ භික්ෂු දෙනම කොසොල් ජනපදයෙහි එක් ආරණ්‍ය විහාරයෙක්හි වසන සේක. එක්කෙනෙක් කාලස්ථිවිර නම, එක්කෙනෙක් පුණ්හස්ථවිර නම, ඉක්බිත්තෙන් එක්දවසක් ජුණ්හස්ථවිරයන් වහන්සේ කාලස්ථවිර නම, ඉක්බිත්තෙන් එක්දවසක් ජුණ්හස්ථවිරයන් වහන්සේ කාලස්ථවිරයන් වහන්සේ ගෙන් විචාරණසේක් ස්වාමීනි. කාලස්ථවිරයන් වහන්ස ශිතනම් කවර කලෙක්හි වන්නේදැයි විචාල සේක. හෙතම කාල පක්ෂයෙහි වන්නේ යයි කී සේක. ඉක්බිත්තෙන් එක් දවසක් කාලස්ථවිරයන් වහන්සේ ජුණහස්ථවිරයන් වහන්සේ අතින් විචාරණසේක් ස්වාමීනි ජුණ්හස්ථවිරයන් වහන්ස ශිතනම් කවරකාලෙක්හි වන්නේදැයි විචාළ සේක. හෙතම පුණ්හපක්ෂයෙහි වන්නේ යයි කී සේක. ඔහු දෙදෙනාම තම තමාගේ ශංකා සිඳින්නට නොහැකිව සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට ස්වාමීනි සර්වඥයන් වහන්ස ශිතනම් කවරකලෙක්හි වන්නේදැයි විචාළාහුය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ කථාව අසා වදාරා මහණෙනි මම පූර්වයෙහිත් තොපට මේ ප්‍රශ්නය දේශනාකෙළමි, භවයෙන් වැසී තුබුනු බැවින් නොසැලකුවාහු දැයි වදාරා ඉකුත්වත් දක්වා වදාල සේක.

www.ජාතක කතා.org