|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙණෙකුන් රාජ්‍ය කරන සමයෙහි අප මහා බෝසතානෝ මෘග යෝනියෙහි පිළිසිඳ ගත්හ. බෝධි සත්වයෝද මව් කුසින් බිහි වූවාහු රන්වන් වූ ශරීර වර්ණ ඇති වූහ. ඒ මෘග පෝතකයන්ගේ අක්ෂිහූ දෙදෙන ඉන්ද්‍ර නීල මානික්‍යයකට බඳුවු සටහන් හා පැ ඇත්තාහ. අංකුර දෙක රජත වර්ණය මුහුණ රත් පලස් වූ පටක් බඳු වූ පැහැ ඇත්තේය. හස්ත පාදයන්ගේ පර්යන්තයෝ ලාක්ෂා රසයෙන් පිරි යම් කරණ ලද්දාහු වැනිය. වලාදීය වමර වලාදිය වැනි වූ සේය. එ මෘග පෝතකයන්ගේ ශරිරයද මහත් වූ අශ්ව පෝතකයක් පමණ වූයේය. ඒ මව් රජ්ජුරුවෝද පන්සියයක් පමණ මුවන් විසින් පිරිවරණ ලදුව වනයෙහි වාසය කරන්නාහ. නමින් නිග්‍රෝධ නම් මුව රජ්ජුරුවෝය. එ මුව රජ්ජුරුවෝවන්ට නුදුරු වූ ස්ථානයෙහි පන්සියයක් මුවන් පිරිවරන ලදුව ශාඛා මුග නම් වූ අනිකුත් මුව රජ්ජුරුකෙණෙක් ඒ වනයෙහි වසන්නාහ. ඒ මුව රජ්ජුරුවෝද රන් වන් වූ ශරිර වර්ණ ඇත්තාහ. එසමයෙහි බරණැස් රජ්ජුරුවෝද මුවන් මැරීමෙහි නියුක්තව වෙසෙති. මංශ නැතිව බස් අනුභව නොකෙරෙති. මනුශ්‍යන්ගේ කර්මාන්ත නැතිකොට සියළු ගම් නියම් ගම් ජනපදවාසීන් රැස්කරවා දවස් පතා මුව දඩයමට යන්නාහ. මනුශ්‍යයෝ මෙසේ සිතූහ. රජ්ජුරුවන් වහන්සේ නිරන්තරයෙන් මුව දඩයමට යාමෙන් අප හැමගේ කර්මාන්ත පමා වන්නේය. අපි හැම රාජධානියෙහි මුවන්ට ගොදුරට නිසි තන ආදිය රෝපණය කොට පැන් බොන්නා වූ ස්ථානයක්ද සමුද්ද කරවා බොහෝ මුවන් වලින් ගෙනවුත් උයනෙහි ලා දොර පැලලි බැඳ රජ්ජුරුවන් වහන්සේට පාවා දුනු මෝ නම් යෙහෙකැයි සිතා ඒ සියළු මනුශ්‍යයෝම එක්ව ගෙන උධ්‍යානයෙහි තණ පැන් සමුද්ද කරවා මුගුරු ආදී වූ නොයෙන් ආයුධ ගත් අත් ඇතිව වලට වැද මුවන් සොයා ඇවිදිනා වූ වන මධ්‍යයයෙහි සිටියා වූ මුවන් හා ශාඛා නම් මුව රජ්ජුරුවෝ හා නිග්‍රෝධ නම් මුව රජ්ජුරුවන් වසන්නාවූ ස්ථානය මධ්‍ය කොට වටකලාහුය. ඉක්බිති ඒ මුග සමූහයා දැකලා ගස් වලද වල්පිටද බිමද මුගුරු වලින්ද දඬු ආදියෙන්ද ගසමින් මුවන් භය ගන්වා උගුළුවා කඩු අඩයටි දුනු ආදී වූ ආයුදයන් ඔසවා පෑ මහත්වූ ශබ්ද පවත්වමින් මුග සමූහයා උයනට වද්දවා දොර පැලලි වසා රජ්ජුරුවන් කරා ගොස් රජ්ජුරුවන් වහන්ස දවසක් පාසා මුව දඩයමට ගොස් අප හමගේ කර්මාන්ත නොනැසුව මැනව අප හැම විසින් වලින් මුවන් ගෙනවුත් නුඹ වහන්සේගේ උයනෙහි ලන ලද මෙතැන් පටන් ඔවුන්ගේ මස් අනුභව කල මැනවයි රජ්ජුරුවන්ට කියා තමන්ගේ ගං ගෙවලට ගියාහුය. රජ්ජුරුවෝ උන් හැම කී බස් අසා උයනට ගොස් මුවන් බලන්නාහු. රන්වන් මුව රජ්ජුරුවන් දෙදෙනා දැක ඔවුන් දෙදෙනාට අභය ධානය දුන්නාහ. එවක් පටන් කිසි දවසක රජ්ජුරුවෝ තුමු ගොස් ඉන් එකමුවෙකු විඳ ගෙනෙන්නාහ. කී දවසක අරක් කැමියා ගොස් මුවකු විද ගෙනෙන්නේය. මුවෝ දුනු දැක මර භයින් තැති ගත්තාහු ඒ ඒ තැන සැඟ වී යන්නාහ. විත් දෙක තුන ලැබ බොහෝ දෙනා පීඩාවිඳින්නාහ. තනින් පැනින් දුක් විඳ ලෙඩ වන්නාහුද වෙති. මරණයටද පැමිණෙති. මුග සමූහයා මෙපවත් බෝධිසත්වයන්ට දැන්වීය. බොධි සත්වයෝද ශාකා මුග රජ්ජුරුවන් කැඳවාලා යහළු බොහෝ වූ මුවෝ වල පිති නසති එකාන්තයෙන් මලයතු බව නියම පසු මෙතැන් පටන් ශරයෙන් මුවකු නොවිදිත්වයි දන් ගෙඩියට තුබු ස්ථානයට මුවන් ට වර පැමිණේවයි එක් දවසක් අපගේ පර්ෂද වාරය පැමිණේවයි එක් දවසක් තොපගේ පර්ෂදට වාරය පැමිණේවයි වාරය පැමිණියා වූ මුවෝ ගොස් දම් ගෙඩියෙහි හිස තබාලා වැද හොත්වයි එසේ කල්හි මුවෝ ඒ වදයට නොපැමිණෙත්වයි සනිටුහන් කොට ඒ සියළු මුගයෝම යහපතියි පිළිගත්හ. එදවස් පටන් වාරය පැමිණියා වූ මුවෝ ගොස් දන් ගෙඩිය මත්තෙහි හිස තබා වැදහොත්තේය. අරක්කැමියා අවුත් ඒ දන් ගෙඩිය මත්තේහි වැද හොත්තාවූ මෘගයාම මරා ඇරගෙන යන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් ශාඛා මුගෘයානන්ගේ පර්ෂිත් හි දැරී ඇති වූ මුව දෙනකට වාරය පැමිණියෝය. ඒ මුව දෙන ශාඛා මුව රජ්ජුරුවන් සමීපයට එළඹ ස්වාමීනි මමත් ගර්භිනී දරුකෙණෙකුන් වදා අප දෙදනමෝ දෙවාරයක් යම් හයි මාගේ වාරය ඉක්මවාපුව මැණවයි කිව. ඒ ශාකා මුවාණෝ තොපට පැමිණි වාරය අනෙක් කෙනෙකුන්ට පමුණුවන්නට මට නොපිළිවන. තෝප තිබි පුත්‍රයා දන්නෙහිය. මෙතැනින් පලායවයි කිව්වාහුය. ඒ මුව දෙන්නාම ශාකා මෘගයන්ගේ සමීපයෙන් අනුග්‍රහයක් නොලබන්නී බෝධි සත්වයන් කරා එළඹ මේ කාරණය දැන්වුහ. බෝධිසත්වයෝද ඒ මුව දෙනගේ බස් අස අසා වන්නාට තෙපි යව මම තොපගේ වාරය ඉක්මවමියි තුමු ගොස් දන් ගෙඩිය මත්තෙහි ඉස තබා ගත්තේය. අරක් කැමියාද ඒ බෝධිසත්වයන් දැක ලබන ලද අභය ඇති මුව රජ්ජුරුවෝ දන් ගෙඩිය මත්තෙහි ඉස තබාගෙන වැද හොත්තාය. මීට කාරණය කිම්දෝ හෝයි සිතා යුහුව ගොස් එපවත් රජ්ජුරුවන්ට කීයේය. රජ්ජුරුවෝද එකිනෙහි රථයකට පැන නැගී මහත් වූ පෙරහරින් උයනට ගොස් දංගෙඩිය මත්තෙහි හිස තබා වැද හොත් බෝධිසත්වයන් දැක යහළු වූ මුව රජ්වෙනි. මා විසින් තොපට අභය ධායන දෙන ලද්දේ නොවේද. කවර කාරණයකින් තෙපි මෙතන වැදහොත්තාහුදැයි කීහ.
|
| www.ජාතක කතා.org |