www.ජාතක කතා.org

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙණෙකුන් රාජ්‍ය කරන සමයෙහි අප මහා බෝසතානෝ මෘග යෝනියෙහි පිළිසිඳ ගත්හ. බෝධි සත්වයෝද මව් කුසින් බිහි වූවාහු රන්වන් වූ ශරීර වර්ණ ඇති වූහ. ඒ මෘග පෝතකයන්ගේ අක්ෂිහූ දෙදෙන ඉන්ද්‍ර නීල මානික්‍යයකට බඳුවු සටහන් හා පැ ඇත්තාහ. අංකුර දෙක රජත වර්ණය මුහුණ රත් පලස් වූ පටක් බඳු වූ පැහැ ඇත්තේය. හස්ත පාදයන්ගේ පර්යන්තයෝ ලාක්ෂා රසයෙන් පිරි යම් කරණ ලද්දාහු වැනිය. වලාදීය වමර වලාදිය වැනි වූ සේය. එ මෘග පෝතකයන්ගේ ශරිරයද මහත් වූ අශ්ව පෝතකයක් පමණ වූයේය. ඒ මව් රජ්ජුරුවෝද පන්සියයක් පමණ මුවන් විසින් පිරිවරණ ලදුව වනයෙහි වාසය කරන්නාහ. නමින් නිග්‍රෝධ නම් මුව රජ්ජුරුවෝය. එ මුව රජ්ජුරුවෝවන්ට නුදුරු වූ ස්ථානයෙහි පන්සියයක් මුවන් පිරිවරන ලදුව ශාඛා මුග නම් වූ අනිකුත් මුව රජ්ජුරුකෙණෙක් ඒ වනයෙහි වසන්නාහ. ඒ මුව රජ්ජුරුවෝද රන් වන් වූ ශරිර වර්ණ ඇත්තාහ. එසමයෙහි බරණැස් රජ්ජුරුවෝද මුවන් මැරීමෙහි නියුක්තව වෙසෙති. මංශ නැතිව බස් අනුභව නොකෙරෙති. මනුශ්‍යන්ගේ කර්මාන්ත නැතිකොට සියළු ගම් නියම් ගම් ජනපදවාසීන් රැස්කරවා දවස් පතා මුව දඩයමට යන්නාහ. මනුශ්‍යයෝ මෙසේ සිතූහ. රජ්ජුරුවන් වහන්සේ නිරන්තරයෙන් මුව දඩයමට යාමෙන් අප හැමගේ කර්මාන්ත පමා වන්නේය. අපි හැම රාජධානියෙහි මුවන්ට ගොදුරට නිසි තන ආදිය රෝපණය කොට පැන් බොන්නා වූ ස්ථානයක්ද සමුද්ද කරවා බොහෝ මුවන් වලින් ගෙනවුත් උයනෙහි ලා දොර පැලලි බැඳ රජ්ජුරුවන් වහන්සේට පාවා දුනු මෝ නම් යෙහෙකැයි සිතා ඒ සියළු මනුශ්‍යයෝම එක්ව ගෙන උධ්‍යානයෙහි තණ පැන් සමුද්ද කරවා මුගුරු ආදී වූ නොයෙන් ආයුධ ගත් අත් ඇතිව වලට වැද මුවන් සොයා ඇවිදිනා වූ වන මධ්‍යයයෙහි සිටියා වූ මුවන් හා ශාඛා නම් මුව රජ්ජුරුවෝ හා නිග්‍රෝධ නම් මුව රජ්ජුරුවන් වසන්නාවූ ස්ථානය මධ්‍ය කොට වටකලාහුය. ඉක්බිති ඒ මුග සමූහයා දැකලා ගස් වලද වල්පිටද බිමද මුගුරු වලින්ද දඬු ආදියෙන්ද ගසමින් මුවන් භය ගන්වා උගුළුවා කඩු අඩයටි දුනු ආදී වූ ආයුදයන් ඔසවා පෑ මහත්වූ ශබ්ද පවත්වමින් මුග සමූහයා උයනට වද්දවා දොර පැලලි වසා රජ්ජුරුවන් කරා ගොස් රජ්ජුරුවන් වහන්ස දවසක් පාසා මුව දඩයමට ගොස් අප හමගේ කර්මාන්ත නොනැසුව මැනව අප හැම විසින් වලින් මුවන් ගෙනවුත් නුඹ වහන්සේගේ උයනෙහි ලන ලද මෙතැන් පටන් ඔවුන්ගේ මස් අනුභව කල මැනවයි රජ්ජුරුවන්ට කියා තමන්ගේ ගං ගෙවලට ගියාහුය. රජ්ජුරුවෝ උන් හැම කී බස් අසා උයනට ගොස් මුවන් බලන්නාහු. රන්වන් මුව රජ්ජුරුවන් දෙදෙනා දැක ඔවුන් දෙදෙනාට අභය ධානය දුන්නාහ. එවක් පටන් කිසි දවසක රජ්ජුරුවෝ තුමු ගොස් ඉන් එකමුවෙකු විඳ ගෙනෙන්නාහ. කී දවසක අරක් කැමියා ගොස් මුවකු විද ගෙනෙන්නේය. මුවෝ දුනු දැක මර භයින් තැති ගත්තාහු ඒ ඒ තැන සැඟ වී යන්නාහ. විත් දෙක තුන ලැබ බොහෝ දෙනා පීඩාවිඳින්නාහ. තනින් පැනින් දුක් විඳ ලෙඩ වන්නාහුද වෙති. මරණයටද පැමිණෙති. මුග සමූහයා මෙපවත් බෝධිසත්වයන්ට දැන්වීය. බොධි සත්වයෝද ශාකා මුග රජ්ජුරුවන් කැඳවාලා යහළු බොහෝ වූ මුවෝ වල පිති නසති එකාන්තයෙන් මලයතු බව නියම පසු මෙතැන් පටන් ශරයෙන් මුවකු නොවිදිත්වයි දන් ගෙඩියට තුබු ස්ථානයට මුවන් ට වර පැමිණේවයි එක් දවසක් අපගේ පර්ෂද වාරය පැමිණේවයි එක් දවසක් තොපගේ පර්ෂදට වාරය පැමිණේවයි වාරය පැමිණියා වූ මුවෝ ගොස් දම් ගෙඩියෙහි හිස තබාලා වැද හොත්වයි එසේ කල්හි මුවෝ ඒ වදයට නොපැමිණෙත්වයි සනිටුහන් කොට ඒ සියළු මුගයෝම යහපතියි පිළිගත්හ. එදවස් පටන් වාරය පැමිණියා වූ මුවෝ ගොස් දන් ගෙඩිය මත්තෙහි හිස තබා වැදහොත්තේය. අරක්කැමියා අවුත් ඒ දන් ගෙඩිය මත්තේහි වැද හොත්තාවූ මෘගයාම මරා ඇරගෙන යන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් ශාඛා මුගෘයානන්ගේ පර්ෂිත් හි දැරී ඇති වූ මුව දෙනකට වාරය පැමිණියෝය. ඒ මුව දෙන ශාඛා මුව රජ්ජුරුවන් සමීපයට එළඹ ස්වාමීනි මමත් ගර්භිනී දරුකෙණෙකුන් වදා අප දෙදනමෝ දෙවාරයක් යම් හයි මාගේ වාරය ඉක්මවාපුව මැණවයි කිව. ඒ ශාකා මුවාණෝ තොපට පැමිණි වාරය අනෙක් කෙනෙකුන්ට පමුණුවන්නට මට නොපිළිවන. තෝප තිබි පුත්‍රයා දන්නෙහිය. මෙතැනින් පලායවයි කිව්වාහුය. ඒ මුව දෙන්නාම ශාකා මෘගයන්ගේ සමීපයෙන් අනුග්‍රහයක් නොලබන්නී බෝධි සත්වයන් කරා එළඹ මේ කාරණය දැන්වුහ. බෝධිසත්වයෝද ඒ මුව දෙනගේ බස් අස අසා වන්නාට තෙපි යව මම තොපගේ වාරය ඉක්මවමියි තුමු ගොස් දන් ගෙඩිය මත්තෙහි ඉස තබා ගත්තේය. අරක් කැමියාද ඒ බෝධිසත්වයන් දැක ලබන ලද අභය ඇති මුව රජ්ජුරුවෝ දන් ගෙඩිය මත්තෙහි ඉස තබාගෙන වැද හොත්තාය. මීට කාරණය කිම්දෝ හෝයි සිතා යුහුව ගොස් එපවත් රජ්ජුරුවන්ට කීයේය. රජ්ජුරුවෝද එකිනෙහි රථයකට පැන නැගී මහත් වූ පෙරහරින් උයනට ගොස් දංගෙඩිය මත්තෙහි හිස තබා වැද හොත් බෝධිසත්වයන් දැක යහළු වූ මුව රජ්වෙනි. මා විසින් තොපට අභය ධායන දෙන ලද්දේ නොවේද. කවර කාරණයකින් තෙපි මෙතන වැදහොත්තාහුදැයි කීහ.

මහරජ්ජ්රුවෙනි දැරී ඇති මුව දෙනෙක් මා සමීපයට අවුත් මට පැමිණි වාරය අනිකෙක් හට පැමිණුව මැනවයි කිව. මා විසින් එකක් කට පැමිණි මරණ දුක් අනිකක් හට පව් නොවන්නට මට නොපිළිවන. ඒ මම මාගේ ජිවිතය ඈට දී ඈට පැමිණි වාරය මම අරගෙණ මෙතන වැදහොත්තෙමි. අනෙක් සැකයක් නොකරව රජ්රුවෙනි කිව්වාහුය. මාගේ ස්වාමී වූ මුව රාජයාණෙනි මා විසින් තොප බඳු වූ ක්‍ෂණාන්තිය හා මෛත්‍රිය අනුකම්පා ඇති කෙනෙකුන් මනුෂ්‍යයන් කෙරෙහිදෝ නොදක්නා ලද ඒ කාරණයෙන් තොප කෙරෙහි ප්‍රසන්නයෙමි. නැගී සිටුව තොපටත් ඒ මුව දෙනටත් අභය දානය දෙනමියි කීහ. අප දෙදෙනා විසින් අභය දානය ලත් කල්හි සෙසු මුවෝ කුමක් කෙරෙද්ද රජ්ජුරුවෙනි කීහ. සෙසු මුවන්ටත් අභය ධානය දිනිමි ස්වාමීනි කීහ. මහරජ උයන වසන මුවන්ට අභය ධානය දුනවයි. වල වසන සෙසු මුවෝ කුමක් කෙරෙද්දැයි කීහ. ඕන්ටත් අභය දිනිමියි කීහ. මහරජ වලහා ගම වසන මුවෝ අභය ධානය ලත්හ. අවශේෂ වූ චතුප්පදික සත්වයෝ කුමක් කෙරෙද්ද රජ්ජ්රුවෙනි කීහ. ඒ ඒ චතුශ්පදික සත්වයන්ටත් අභය ධානය දිනිමියි කීහ. චතුශ්පදිකාදීහු අභය දානය ලත්හ. දියෙහි වසන්නාහූ මත්ස්‍ය ජාතීහු කුමක් කෙරෙද්ද කීහ. ඔවුන්ටත් අභව දානය දිනිමියි කීහ. මෙපරිද්දෙන් මහා බෝධිසත්වයෝ රජ්ජුරුවන් අතින් මුවන් ආදී වූ සියළු සත්වයන්ට අභය දානය ඉල්වාගෙන වැදහොත් තැනින් නැගී සිට රජ්ජුරුවන් පංචශිලයෙහි පිහිටුවා රජ්ජ්රුවෙනි දස කුසල ධර්මයෙහි හැසිරෙව. මව් පියන් කෙරෙහිද දූ දරුවන් කෙරහිද ශ්‍රමණ භ්‍රහ්මණයන් කෙරෙහිද සියළු ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් හැසිරෙවයි රජ්ජුරුවන්ට අවවාද කොට මධ්‍යම ප්‍රතිපදායෙහි හැසිරෙන්නා වූ සත්ව තෙම කරජකාය යාගේ බේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාතයෝ ස්වර්ගලෝකයෙට පැමිණේවායි රජ්ජුරුවන්ට සර්ව ඥාණීලීලාවෙන් ධර්ම දේශනා කොට කීප දවසක් ඒ උයනේ වාසය කොට රජ්ජුරුවන්ට අවවාද දී මුග සමූහයා විසින් පිරිවරණ ලදුව තමන් පෙර විසුවා වූ වනයට පැමිණියාහුය. ඒ මුව දෙන්ද පුෂ්ප කර්ණිකාවට බඳු වූ පුතෙකු වැදුහ. ඒ මුව පැටියාණෝද කෙළෙ තැනැත්තෝ ශා මුග රාජයායන් සමීපයෙහි ගොස් කෙරෙනාහ. ඉක්බිත්තෙන් ඒ මුග පෝතකයන්ගේ මෑණියෝ ඒ ශාක මුග රාජයන් සමිපයෙහි යන්නා හූ දැක පුත මෙතැන් පටන් ඔහු සමීපයට නොයව. නිග්‍රා්ධ මුග රාජයානන් වහන්සේ සමීපයටම යවයි පුතනුවන් අවවාධ කරන්නාවූ මෘග දේනුව මෙසේ කීහ. පුත තොප මේවායි අනෙක් කෙනෙක් වේවායි තමන්ට හිතයක් වැඩක් කැමැත්තේ වී නම් නිගෝ‍රා්ධ මෘග රාජයයානන් වහ්සේම සේවනය කරන්නේය. ශාක මෘග රාජයානන් කරා නොඑළඹෙන්නේය. සේවනයත් නොකරන්නේය. ඔහු නිසා ජීවිකාවත් නොකරන්නේය. ශාඛ මෘග රාජයානන් සමීපයෙහි යම් ජීවිකාවක් ඇද්ද ඒ ජීවිකාවටත් වඩා නිග්‍රෝධ මෘග රාජයානන් වහන්සේගේ පාද මූලයෙහි වැද හෙව මිය යාම උතුම් වන්නේයැයි ශාඛ මෘග රාජයානන් සමීපයට නොයෙන ලෙස අවවාද කලාහ. රජ්ජුරුවන් විසින් අභව දානය දුන් තැන පටන් අභය ලද්දා වූ මුවෝ මනුශ්‍යයන්ගේ ගොයම් කා නසන්නාහ. මනුශ්‍යයෝ අභය දානය ලත් මුවෝ යයි ගසන්නටද පළවන්නටද නොහැක්කාහ. ඒ සත්වයෝ රාජංගනයේ රැස්ව රජ්ජුරුවන්ට මෙපවත් කීවාය. රජ්ජුරුවෝ ප්‍රසන්න වූ සිත් ඇති මා විසින් නිග්‍රෝධ මිග නම් උත්තමයාට වරදෙන ලද ඒ රාජ්‍යය හරින්නේ නමුත් එදවස් දුන් ප්‍රතිඥා නොහරින්නේය පලායව මාගේ ආඥ්ඤාව පවත්නා ස්ථානයෙහි මුවන් මරන්නට කිසිත් සත්වයෙක් නොලබන්නේයයි කීවාහුය. නිග්‍රෝධ යුව රජ්ජුරුවෝද එපවත් අසා මෘග සමූහයා රැස් කරවා මෙතැන් පටන් අනුන්ගේ ගොයම් කන්නට නොපිළිවනැයි මුවන් වලකා මෙතැන් පටන් ගොයම් රක්නා වූ මනුශ්‍යයෝ ගොයම් රක්නා පිනිස වැටක් නොකරත්වයි කුඹුරුවට කොටපත් අදිත්වයි මනුශ්‍යයන්ට කියා යැව්වාහුය. එතැන් පටන් කොට ක්‍ෂෙත්‍රවල්හි කත් ඇදීම සංඥාව පහල විනූ එවක් පටන් පත් ඇඳි සලකුණ ඉක්මවන්නාවූ එකද මෘගයකුත් නැති මේ වනාහි ඒ සත්වයන්නට මහ බෝසතානන්ගෙන් ලැබෙන ලද අවවාදැයි මෙපරිද්දෙන්ම මෘග සමූහයාට අවවාද කොට නිග්‍රෝධ බෝධිසත්වයෝ ආයූ පමනින් සිට ඒ මුවන් හා සමඟ කම් වූ පරදිද්දෙන් මිය පරලොව ගියාහුය. ඒ රජ්ජුරුවෝද බෝධිසත්වයන්ගේ අවවාධයෙහි සිට ධානමානාදී වූ කුසල් කොට කම් වූ පරිද්දෙන් මිය පරලව ගියාහ. ලොව්තුරා සර්වඥයන් වහන්සේද මහනෙනි මේ ස්ථිවරයන්ටද කුමාර කාශ්‍යප ස්ථිවිරයන්ටද මම දැන් මතු පිහිට වූයෙමි නොයෙමි.පළමුත් පිහිට වූයෙමි වේදැයි මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුශ්සත්‍යය දේශනාව පෙරදැරි කොට අනීත කතා වර්ථමාන කථාවත් වදාරා දෙක එක් කොට සන්ධි ගලපා මේ නිග්‍රෝධ මිග ජාතකය නිමවා වදාලසේක. එකල්හි ශඛ්‍ය මෘග රාජයානෝ නම් දැන් දේවදත් ස්ථිවිරයෝය. ඔවුන්ගේ එදවස් මෘග පරීශීල දැනුත් දේවදත්ත පරිශිලය ඒ මුව දෙන නම් දැන් මේ ස්ථිවිරයෝය එදවස් මේ මුව පැටවානෝ නම් දැන් බණ කියන්නවුන් කෙරෙහි අග්‍ර වූ මේ කාශ්‍යප ස්ථිවිරයෝයය. එදවස් බරණැස් රජ්ජුරුවෝ නම් දැන් ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ධ ස්ථවිරයෝයය. නිග්‍රෝධ මුව රජ්ජුරුවෝ නම් ලෙව්තුරා බුදු වූ මම ම වේදැයි තමන් වහන්සේ වදාල සේක.

www.ජාතක කතා.org