|
තවද එක්සමයෙක්හි අසරණ සරණ වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් වෙහෙර වැඩ වසනසේක් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ මෑනියන් අරභයා මේ ජාතකය වදාළසේක.
ඒ තෙරුන් වහන්සේගේ මැනියෝ නම් රජගහනුවර මහ සම්පත් ඇති සිටාන කෙනෙකුගේ දියනිකෙනෙක පූර්වජන්මයෙහි රැස්කරණලද බොහෝ කුසල් මුල් ඇත්තෝය. අනිත්‍යාදී වශයෙන් පරික්ෂා කරණලද සංස්කාර ධර්මයන් ඇත්තෝය පශ්චිමාත්ම භාවයෙහි සිටියාහුය. කළතුළෙ පහණක් මෙන් මුන්ගේ අර්හත් ඵලයට උපනිශ්‍රය බබලන්නේය. ඒ සිටු කුමාරිකා තමා නම දන්නා තැන් පටන් ගිහිගෙයි ඇල්මක් නැතිව මහණවනු කැමතිව දෙමව්පියන්ට කියන්නී මෑනියනි පියාණෙනි මට ගිහිගෙයි විසීමෙහි සිත තැලෙන්නේය. මට නෛයර්යානික වූ සර්වඥ ශාසනයෙහි මහණවනු කුමාරකාව බඩ දරු ගර්භයෙක් පිහිටියේය. ඕ තොමෝ දරුගැබ පිහිටි බව නොදන්නීය. ඉක්බිත්තෙන් එක්දවසක් එනුවර නක්‍ෂත්‍ර ඝෝෂණය කොට සියලු නුවර වාසීහූ නකත්කෙළි කෙළින්ට පටන් ගත්තාහ. සැවැත් නුවර මුළුල්ල ශක්‍රපුරයක්මෙන් සරසා පිළියෙලකරණලද්දේ විය. ඒ කුමාරිකාවද දැන් මහත්වූ කක්‍ෂත්‍ර ක්‍රීඩාව පවත්නාකල්හි තමාගේ ශරීරය සුවඳ ආදීය ගල් වන්නීත් නොවෙයි. වස්ත්‍රාභරණාදීන් සැරහෙන්නීත් නොවෙයි. තමාගේ පියවි ස්වභාවයෙන්ම ඇවිදිනීය. ඇගේ වල්ලභයානෝද මෙසේ කීවාහුය. සොඳුර මේ සියලුම නුවර නකත්කෙළි කෙළිම ඇසුරුකොට ඇත්තේය. තෙපි කුමක් නිසා ශරිරය පටිඡග්ගනය නොකරව්දැයි කීහ. සුවාමිපුත්‍රයා දෙසිත්කුණුප කොට්ඨාශයෙන් පිරුණා වූ මාගේ ශරීරය වස්ත්‍රාභරණාදීයෙන් සැරහීමෙන් ප්‍රයෝජන කිම්ද මාගේ ශරීරයද දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දේ නොවෙයි. බ්‍රහ්මයන් විසින් නිර්මාණය කරන ලද්දේ නොවෙයි. ස්වර්ණයෙන් නිර්මිතත් නොවොයි. මාණික්‍යයෙන් නිර්මිතත් නොවෙයි. හෙළ සඳුන් ආදී වූ චන්දනයෙන් නිර්මිතත් නොවෙයි. සත් පියුම් හෙළ පියුම් රඛේතාත්පළ සේවතෝත්පල ගර්භයෙන් උපන්නේත් නොවෙයි. දිව්‍ය ඖෙෂධයකින් කරන ලද්දේත් නොවෙයි. වැලි කෙසේ උපන්ද යත් කුළුපයෙහි හට ගත්තේය. මව් පිය දෙදෙනාගේ සම්භවයෙන් ජාතිය අනිත්‍යය ඉලීම මැඩීම බෙදීම නැසීම ස්වභාව කොට ඇත්තේය. සෝනළුගොඩ වර්ධනය කරන්නේය. තෘෂ්ණා උපාදාන දෙකෙන් යුක්ත ශෝකයට මුල් කාරණය හැඬීමට වස්තුය. සියළු රෝගයට වාසස්ථානය තෙදිස් කම් කටොළු කරන්නවුන්ට පරිග්‍රහන කරන ලද්දේය.ඇතුළෙහි කුණුය. පිටද නිරන්තරයෙන් වෑහෙන්නා වූ කුණු ඇත්තේය. අසූ දහසක් ක්‍රිමි කුලයන්ට වාසස්ථානය අමු සොහොන් වලට ලංව සිටියේය. මරණයාගේ කෙළවර සියළු ලෝක වාසීන්ගේ වක්‍ෂූන් පථයෙහි පවත්නා වූ මේ ශරීරය තුන්සීයක් පමණ ඇට සඟලින්ද නවසියයක් නහරින්ද යෙදුනේය. සමින් ද නවසීයක් මස්වැදැල්ලෙන්ද දළඹුයෙන්ද යුක්තය. මේ කිව්වා වූ සියල්ලම මේ සමින් වැසි සිටීය. එසේ හෙයින් තත්වූ පරිද්දෙන් පිටත සිටිය වුන්ට නොපෙනෙන්නේය. ඇතුනෙන්ද පිරි සිටියේය. උදරයෙන්ද පිරි සිටියේය. අක්මාවටද හෘද මාශයටද පපු කැත්තටද වකු ගඩුවටද බඩ දිවටද සොටුවටද කෙළටද සෝදියටද දාඩියටද මේධ තෙලටද සඳමිදුලටද පිත්තයටද වාසාතෙලටද වාසස්ථානය තවද ඒ සත්වයාගේ නව මගදොරින් හැමවේලෙහිම අසූචී වහනය වන්නේය. දෑසින් රිල් ව්‍යවහාරයෙන් අක්ෂි ගූථයද දෙකන් සිලෙන් කාරදු ව්‍යවහාරයෙන් ඝනී කණි ගූථයද දෙනාසාපුටයෙන් වැහෙන්නා වූ ද පිත්තයද සෙලෙස්මාවද සමාරවේලෙහි මුඛයෙන්ද වමනය කරන්නේය. ශරීරයෙන් සේදී වහනය කරන්නේය. යළිදූ ඒ සත්වයාගේ සිදුරු ඉස ඉස මුලින්ද පිරුණේය. අවිiාව පෙරදැරි කොට ඇත්තාවු අඥාන සත්ව තෙමේ යථොක්ත කුණපක්කෝට්ඨාසයන්ගෙන් යුක්ත වූ ඒ සත්වයා යහපතැයි සිතන්නේය. මේ ශරීරය අපමණ වූ ආදීනවයෙන් ද යුක්තය. විෂ වෘක්ෂයට බඳු වූ උපමාත් ඇත්තේය. සියළු වියාදීන්ට වාසස්ථානය උදක්ෂිණ සියළු දුක්ඛයාගේ ශරීරය ඉඳින් මේ කුනුප ශරීරයාගේ ඇතුළත පිටත වූයේ් වී නම් ඒ කාන්තයෙන් දන්ඩක් අරගෙන කෑමට පැමිණි හවුඩු බළු ආදීන් වලකන්නේය. මේ ශරීරය දුර්ගන්ධ වහනය කරන්නේය. එසේ හෙයින් අපවිත්‍රය. කුණුපයක් වැන්නය. පඨකටකින් වසා තුබූ කසල කොඩකට බඳු වූ උපමා ඇත්තේය. ඇතුළ අසූචි පුරා පිටත සිතුයම් කල මැටි කලයකට බඳු උපමා ඇත්තේය. තවද මේ ශරීරය නුවණස් ඇත්තවුන් විසින් නින්දා කරණ ලද අඥාන සත්වයන් විසින් සතුටුවන ලද්දේය. ස්වාමීපුත්‍රය මේ කුණුප ශරීරය සරහා කුමක් කෙරෙම්ද. මේ ශරීරයාගේ සැරහීන අසූචූ පිරුණා වූ කළයෙහි පිටත සිතියම් කරන්නාක් වැන්නේයයි කිව. සිටු පුත්‍රයාණෝ ඒ කුමාරිකාවන් මෙලෙසින් අනිත්‍ය ප්‍රතිසංයුක්තව කියන්නා වූ බස අසා මෙසේ කීහ. සොඳුර තෙපි මේ ශරීරයෙහි මෙලෙසින් දෝශ දක්නාහූ කවර හෙයකින් මහණ නොවව්දැයි කිව්ය. ස්වාමි පුත්‍රයාණෙනි මහණ වීමට තොප විසින් සම්මත ලදින් නම් අදම මහණ වෙමියි කිව. සිටු පුත්‍රයාණොත් යහපත. මම තොප මහණ කරවිමියි කියා මහදන් පවත්වා මහත්වූ සත්කාර සම්මාන කොට මහත් වූ පෙලහරින් මෙහෙණව රටගෙන ගොස් ඒ කුමාරිකාව මහණ කරවන්නාහු. දෙව්දත් මහතෙරුන් වහන්සේව පක්ෂව හිඳින්නාවූ භික්ෂූනීන් සමීපයෙහි මහණ කරවූහ.
ඒ කුමාරිකාවද ප්‍රවජ්ජාව ලැබ චිත්ත සංකල්පනා ඇත්තී සතුටු වූ සිත් ඇති වූය. ඉක්බිත්තෙන් ඒ කුමාරිකාවන්ගේ දරු ගර්භය මිහි කිරීමට පැමිනෙන්නේය. චක්ෂු රාධි ඉන්ද්‍රයන් ගේ අන්‍යය තාත්වයද හස්තපාද පෘෂ්ට ඉල්පුනු බවද උදරපටලයාගේ මහත් බවද දැක භික්ෂූනීහූ ආර්යාව තෙපි දැරී ඇත්තාක් මෙන් පෙනව. මේ කීමෙක්දැයි විචාලාව. ආර්යාවෙනි මම මෙනම් කාරණයකැයි නොදනිමි. මාගේ ශිලය සම්පූර්ණයයැයි කිව. ඉක්බිත්තෙන් ඒ භික්ෂූනිය අවසේස භික්ෂූනියහුද දෙව්දත් මහතෙරුන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගොස් ආර්යයන් වහන්ස මේ කුල ස්ත්‍රිය දුකසේ වල්ලභයා සිත් ලබාගෙන ප්‍රවෘජ්ජාව ලද්දේය. දැන් වනාහී මෑගේ දරු ගර්භයෙක් පෙනෙන්නේය. අපි හැමගේ ගර්භය ගිහි කල ලත් බවුත් මහණ කල ලත් බවුත් නොදත්හ. දැන් ඉට කුමක් කරමුදැයි විචාලාහ. දෙව්දත් ස්ථවිරයෝද තමන් නුබුදු බැවින්ද අනුන් කෙරේ ශාන්තියක් මෛත්‍රියක් දයාවක් නැති හෙයින්ද මෙසේ සිතුහ. දෙව්දත් ස්ථිවිරයන් වහන්සේගේ පක්ෂයේ භික්ෂුනියක් විසින් දරු ගර්භයක් පරිහරණය කරන්නීල දෙව්දත්ත ස්ථවිරයෝය ඒ බලබල බලා ඉඳිතියි මට නින්දා උපදවන්නේය යි මා විසින් මේ මෙහෙණින්න මෙතැනින් නෙරපායන්ට සුදුසු යයි ඒ දේවදත්ත ස්ථවිරයෝ පරික්ෂා නොකොටම ගල් කැටක් පෙරලෙන කලක් පරිද්දෙන් උඩට පැන නැගී යව මෑ මෙතැනිනි නෙරපායි යි කිය. ඒ භික්ෂුණියද දේවදත්ත ස්ථවිරයන් කී බස් අසා උන් තැනින් නැගිටසිට වැඳලා සර්වඡයන් වහන්සේගේ පක්ෂයෙහි භික්ෂුනීන් වසන්නා වූ ස්ථානයට ගියාය. ඉක්බිත්තෙන් බාල වූ මෙහෙණින්නට කියන්නේ ආර්යාවෙනි දේව්දත්ත ස්ථිවිරයෝ බුදු නොවෙති. මට උන් සමීපයෙහි මහණව ඉඳිමෙන් ප්‍රයෝජන නැත. මේ ලෝකයෙහි අග්‍ර පුද්ගල වූ සර්වඥයන් වහන්සේ සමීපයේ මහණ වීමට අභිප්‍රාය කොට මා විසින් දුකසේ ලද්දා වූ මේ ප්‍රවජ්ජාවම අන්තර්ධාන නොකරව. මා කැඳවාගෙන සර්වඥයන් වහන්සේ කරා ජේතවනාරාමයට යවයි කීව. ඒ භික්ෂූනිහුද අලුත ගියා වූ භික්ෂූනිය කැඳවාගෙන රජගහ නුවරින් පන්සාලිස් යොත්නක් තැන් ම ගෙවා අනුපමයෙන් ජේතවනාරාමයට පැමිණ සර්වඥයන් වහ්සේ වැඳ මේ කාරණය දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ මෑගේ දරු ගැබ ගිහි කලම පිහිටියේයැයි සිතු සේක. එසේ නියම කොට දැනැත් ශ්‍රමණ බවත් ගෞතමයෝ දේවදත්ත ස්ථිවිරයන් විසින් හරණ ලද මෙහෙනින්ය අරගෙණ ඇවිදිනාහයි තිර්තකයන්ට කියන්ට අවසර පෙනෙන්නේය එහෙියින් මේ උපත් කතාව විචාරා සනිටුහන් කරන්නටද සරාජික පර්ෂිත් මධ්‍යයෙහි විනිශ්චය කරන්නට සුදුසු වන්නේ යැයි දෙවැනි දවස් පසේනදී කොසොල් රජ්ජුරුවන්ද අනේ පිඩු සිටානන්ද සුළු අනාථ පිණ්ඩිකයන්ද විශාකා මහඋපාසිකාවන්ද අනිකුත් ප්‍රසිද්ධ මහ කුලයන්ද කැඳවාලා මේ අධිකරණය විචාරා සනිටුහන් කරන්නට පාවා දුන් සේක .සවස් වේලෙහි සිව්වනක් පර්ෂිත් රැස්වූ කල්හි විනයට අග්‍රකොට තබන ලද්දා වූ උපාලි ස්ථවිරියන් වහන්සේට යව සිව්වනක් පර්ෂිත් මධ්‍යයෙහි මේ දහර භික්ෂූනියගේ අධිකරණ විචාරා ශුද්ධ කරවයි වදාල සේක. යහපත ස්වාමීනි යි තෙරුන් වහන්සේ පර්ෂිත් මධ්‍යයට ගොස් තමන් වහන්සේ ට පැමිණියා වූ ආසනයේ වැඩ හිඳ රජ්ජුරුවන්ගේ ඉදිරියෙහි විශාඛා මහෝඋපාසිකාවන් කැඳවා යව මහ උපාසිකාවෙනි මේ ලදරු භික්ෂූනි අසවල් මස අසවල් දවස් මහණ වූ වයි තත්වයෙන් දැන මේ දරු ගර්භය මහණ වන්නට පෙරාතුදෝ හෝ පසුවදෝ හෝයි නියම දැන කියවයි විසාඛාවන් අතට පාවාදුන් සේක.
විශාඛා මහඋපාසිකාවෝද යහපත ස්වාමිනි පිළිගෙන වටකොට තිරයක් අද්දා තිරය ඇතුලදී බාල භික්ෂූනියගේ හස්ත පාදාදිය බඩකෙලවර කොට බලා මාස් දවස් එක් කොට ගණන් පරික්ෂා කරවා ගිහිකල දරු ගැබ ලත් නියාව තත්ව හෙයින් දැන උපාලි ස්ථවිරයන් වහන්සේ සමීපයට ගොස් මේ වූ නියාව දැන්වුය. තෙරුන් වහන්සේද සිව්වනක් පර්ෂිද් මධ්‍යයෙහිදී ඒ භික්ෂූනිය ශුද්ධ කළ සේක. ඒ භික්ෂූනියද උපන් කිළුටින් ශුද්ධව භික්ෂු සංඝයා වහන්සේද සර්වඥයන් වහන්සේද වැඳ සෙසු භික්ෂූනින් හා සමඟ මෙහෙණින්නන් වසන්නාවූ ස්ථානයටම ගියාය. ඕ තොමෝ දරු ගර්භය බිහි කිරීමට පැමිණි කල්හි පියුමතුරාණන් සර්වඥයන් සමයෙහි කරණ ලද ප්‍රාර්ථනා ඇති මහානුභාව සම්පන්න වූ පුත්‍රයානන් කෙණෙකු වැදූය. ඉක්බිත්තෙන් එක් දවසක් පසේනදි කොසොල් රජ්ජුරුවෝ මෙහෙවර සමීපයෙන් යන්නෝ දරුවන් අඬන අඬ අසා අමාත්‍යයන් අතින් මේ කිමෙක්දැයි විචාලාහ. අමාත්‍යයෝද ඒ කාරණය දැක රජ්ජුරුවන් වහන්ස ඒ දවස් සිව්වනක් පර්ෂිද් මධ්‍යයේදී අධිකරණ විචාරා සනිටුවහන් කල භික්ෂූනීන් වහන්සේ පුත්‍රයාණ කෙණෙකුන් වැදූ සේක. ඔවුන්ගේ මේ ශබ්දයයි කීව්වාහුය. සගයෙනි භික්ෂූනීන්නට දරුවන් පරිහරණය කිරීම නම් තපසට ඉතා පරිබෝධය. අපි ඒ කුමාරයන් වඩම්හයි කියා ගෙන්වා ගෙන නාටක ස්ත්‍රින්ට පාවා දිවා කුමාරයන් පරිහරණයෙන් වැඩුහ. ඒ කුමාරයන්ට නම් තබන දවස කාශ්‍යප යයි නම් තුබූහ. ඉක්බිත්තෙන් ඒ කුමාරයා පරිහරණයෙන් වැඩුනු බව හේතු කොට ගෙන කුමාර කාශ්‍යප යයි කියා නම් තුබුවාහුය. ඒ කුමාරයෝද සත් ඇවිරිදි අවස්ථාවෙහි සර්වඥයන් සමීපයෙහි මහණව සම්පූර්ණ වූ විසි වයස් ඇතිව උපසම්පදාව ලැබ කල්ගිය පසු බණ කියන්නාවුන් අතුරෙහි විචිත්‍ර කතිකවූවාහුය. ඉක්බිත්තෙන් ඔහු සර්වඥයන් වහන්සේද මහණෙනි මාගේ ශාසනයෙහි විසිතුරු කොට බණ කියන්නාවූ ශ්‍රාවකයන් අතුරෙන් යම්මේ කුමාර කාශ්‍යප ස්ථිවරයෙක් ඇද්ද මේ තෙම අග්‍රයයි එතද ග්‍රාපාලියෙහි තබා වදාල සේක. උන් වහන්සේද පසුව කල්යාමෙකින් වම්මික සුත්‍ර දේශනාවෙන් බණ අසා අරහත්වයට පැමිණි සේක. ඒ කුමාර කාශ්‍යප ස්ථවිරයන්ගේ මව් භික්ෂූනියද විදර්ශනා වඩා අරහත් ඵලයට පැමිණියාහුය. ඒ කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද සර්වඥ ශාසනයෙහි ආකාශයෙහි චන්ද්‍රයා පරිද්දෙන් ප්‍රකාශ වූ සේක. එක්දවසක් සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ පස්බත ආහාර පර්යේෂණයෙන් වැලකී සේක් වදාල අන්තයෙහි භික්ෂූන් වහන්සේට අවවාද දී ගඳ කිළියට වන් සේක. භික්ෂූන් වහන්සේ අවවාද පිළිගෙන තම තමන් වහන්සේගේ රාත්‍රි ස්ථානාදී වාවස්ථානයෙහි දවල් දවස් යවා සවස් වේලෙහි ධම්සභා මණ්ඩපයට රැස්ව ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ තමන් නුබුදු බැවින්ද ක්‍ෂාන්ති මෛත්‍රියක් නැති බැවින්ද ඔහු විසින් කුමාර කාශ්‍යප ස්ථවිරයෝද උන් වහන්සේට මව් වූ ස්ථිවරී වූද නෙලනා ලදහ. සර්වඥයන් වහන්සේ වනාහී තමන් වහන්සේ ධර්ම රාජයන් බැවින්ද සියළු සත්වයන් කෙරෙහි පතලා වූ කරුණා මෛත්‍රි ආදීය ඇති බැවින්ද ඔවුන් දෙදෙනාට පිහිට වූ සේකැයි සර්වඥයන් වහන්සේගේ ගුණ වර්ණනා කෙරෙමින් උන් සේක. බුදු රජානන් වහන්සේද සර්වඥ ලීලාවෙන් ධම් සභා මණ්ඩපයට වැද පණවන ලද බුද්ධාසන මස්කයෙහි වැඩ හිඳ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කවර කතාවකින් යුක්තව උන්නුදැයි විචාරා වදාරා නුඹ වහන්සේ නොකියන්ට වදාලා වූ රාජ කතා ඡෝර කතා ආදී වූ දෙතිස් කථාවෙන් යුක්තව උනුමෝ නොවම්හ. දේවදත්ත ස්ථිවිරයන්ගේ පිහිට නොලැබ පලා ආ කුමාර කාශ්‍යප ස්ථිවිරයන් හා මව් ස්ථිවිරයන් දෙදෙනාට පිහිට වූ නියාව කිය කියා උනුම්හයි ආදියෙහි පටන් සියළු ප්‍රවෘත්තිය දැන්වූහ. මහණෙනි සර්වඥයෝ මොහුන් දෙදෙනාට දැන් මතු පිහිට වූවෝ නොවෙති. පූර්වයෙහි ප්‍රත්‍යයත් පිහිටවූවාහු වේදැයි වදාල සේක. භික්ෂූන් වහන්සේ ඒ අර්ථය ප්‍රකාශණය පිණිස භාග්‍යවත් වූ බුදු රජ හට යාඤ්ඤා කොට කී සේක. සර්වඥයන් වහන්සේද අන්‍ය භවයෙන් සැඟ වූනාවූ ඉකුත් වත් ප්‍රකාශ කොට වදාල සේක.
|