|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍ය කරණ සමයෙහි අප මහා බෝධිසත්වයෝ භොජාජානීය නම් සෛන්ධවයන්ට නායකව අස්රජව උපන්නහ. භෝජාජානීය නම් කුලයෙහි සෙසු අසුන්ට වැඩි තරම් උතුම්වූ ඒ අස්රජහු බරණැස්නුවර රජහට මගුලස්ව වෙසෙති ඔවුන් සිටිනා අශ්වශාලාව උඩුවියන් බැඳ භික්ති සිතුයම් කරවා බිම සුදු වැලි අතුරණ ලද්දේය. මහබෝසතාණෝ එහි හෙළ කුඩයක් යටසිට මධුරවූ භෝජනය අනුභව කොට හැම අසුන්ට උතුම් ව වාසය කෙරෙති. එසමයෙහි සත් රජ්ජුරු කෙණෙක් ඒ බරණැස් රජ්ජුරුවන් හා යුධ කොට රාජ්‍යය ගණුම්හයි සටනට අවුත් බොහෝ සේනාව පිරිවරා පඤායුධයෙන් සන්නද්ධව ඇත් අස් රථ ආදී මහත් කායබල සේනාව ගෙණ නුවර වටකොට සැරසී රැකසිටියාහුය. බරණැස්නුවර රජ්ජුරුවෝ තමන්ගේ අමාත්‍යයන් රැස්කොට එපවත් උන්ට කියා කළමනා කිම්දැයි කිවුය. එබස් අසා අමාත්‍යයෝ කියන්නාහු දේවයිනි. නුඹවහන්සේ පළමුකොට නොවැඩිය මැනව. නුඹ වහන්සේගේ මෙනම් රාවුතයාණ කෙණෙක් ඇත්තෝ වේද උන්ට පිරිස්පාවාදී ප්‍රසාදදී උන් යැව්ව මැනවයි කිවුය. රජ්ජුරුවෝ එපවත් අසා ඒ රාවුතයාණන් ගෙන්වාගෙණ කියන්නාහු දරුව අපගේ රාජ්‍යය ගණුම්හයි කියා අප හා සටන්කරන්නට රජ දරුවෝ සත්දෙනෙක් මහබලසෙනග ගෙණ රාජ්‍යය වටකොට රැකගත්හ. උන් සත්දෙනා හා කැටුව යුද්ධ කොට ගතහෙයි දැයි විචාළෝය. එපවත් අසා රාවුතයාණෝ ස්වාමීනි මට පිළිවනි නුඹ වහන්සේගේ මගුල් භොජාජානීය නම් අසු ලදිම් නම් යුද්ධකොට ජයගෙන දෙමියි කිවුය. රජ එපවත් අසා මාගේ රාජ්‍යය නැසීයාම සුදුසු නොවෙයි සිතා කැමති පිරිස් හා කැමති සෛන්ධවයකු ගෙණවයි සතුරනුත් සාධදෙවයි කිවුය. රාවුතයාණෝ සෛන්ධවයා හා සමග පිරිස් ගෙණ නික්ම සතුරන් සිටිතෙනට ආසන්නව සිට භෝජාජානීය නම් සෛන්ධවයානන් ඇළයට ගොස් සනහාලා ඇඟ අතගාලා තොපට ද මටද ස්වාමී වූ රජ්ජුරුවන්ට පක්ෂ පාතව සටන් කොට සතුරන් සාදාදෙවයි ඔවාතෙපුල් දී නොයෙක් රසයෙන් යුක්ත භෝජනය කවා මධුර පානය පොවා සුවඳ විලවුන් ගල්වා සන්නාහයක් ලා එහි රන්සැත්ලා වසා දැඩි කොට සාදාලා තෙමේ සැරහීගෙණ යන්නාහ. සන්නද්ධව මගුල්කඩුව ගෙණ අසුට නමස්කාර කොටලා පිටට පැන නැගී යුද්ධයට වන්නාහ. බෝධිසත්වයෝ සිතන්නාහු මේ සත් රජ්ජුරුකෙණෙකුන් තබා මුළු දඹදිව සෙනඟ අවුත් කම් කිම් ද උන් නොමරා ඇල්ලු කල වේද සුරකමෙයි සිතා සබඳ ආශ්චාවාරිය රජ දරුවන් නොමරා යුද්ධය මට බාරයයි කිවුය. ඒ අශ්වචාරි තෙමේ සාහසිකව සතුරු සෙනඟ මදධ්‍යයට වන් සඳ අශ්වයා පිනු පිනු තෙනට විදුලියක් මෙන් කඩුව හිස සිසාරා නොබාහිඳ පළමු බලකොටුව බිඳපියා එක් රජ්ජුරුකෙනෙකුන් නොමරා අල්වාගෙණවුත් නුවරට පාවාදී නැවතත් බිහිසුණු සතුරු සෙනඟ මැදට වැද සේනාව බිඳ පරාජය කොට ඒ රජුත් නොමරා ගෙණ සේනාවට පාවාදී මෙසේ ම සදෙනෙකු ගෙණ නැවත සත්වන රජහු අල්වන්ට බොහෝ සෙනඟ එක්ව සිටත් අසු මෙහෙයලා යුද්ධයට වන් සඳ අස්හු සතුරන් අතින් කඩු පහරක් ලදින් කඩු පහර කා ඇඟින් ලේධාරා ඉසින්නාහු අශ්චර්යයා බලා මහත් වූ භයශෝකයෙන් ආයේ ආපසු මෙහෙයලා රජගෙයි මිදුලට ගෙණ ගොස් සන්නාහය ලිහිල් කොට නැවත අනි අසකු සන්නාහය බඳින්නට වන. අස් තෙමේ කඩු පහර කෑ වේදනාවෙන් වැදහෙව සිතත්නේ මේ අශ්වාවාර්යය තෙමේ මාගේ ගුණ නොදන්නේය. සත්වෙනි බලකොටුව බිඳින්ට හා සත්වන රජු ගන්ට නික්මෙයි. අනික් අසකු සදයි. ආශ්චර්යයා සත්වන රජු ගන්ට නොපොහොසත. මේ තෙමේ ද මරණයට යයි. ආශ්වයාත් මරන්නේ රටත් නසන්නේය. රජුත් සතුරන්ට අසුවන්නේය. එසේවත් මා දෙවුනා රජහට කළ විර්ය නොපෙණෙයි. දියෙහි ඉරක් ඇන්දාසේ වෙයි. මා ඇර අන් අයෙක් මෙ සකල දඹදිව සත්වන රජු ගන්නද බලකොටුව බිඳින්නටද නොපොහොසතැයි සිතා කෙළෙහි ගුණ දන්නා වූ මහබෝසතානන් වහන්සේ මෙසේ සිතුසේක. මේ රජ මා තිරිසන් නැනැත්තවුට බොහෝ උපකාර තබා දී මගුලස්ඨනාන්තරයෙහි තමා මට නොයෙක් පොෂ්‍යකොට මා රක්ෂා කෙළේ නම් මෙසේ වූ යුද්ධයක් දුටුකලට වේද මා ඇඟින් වැගිරෙන ලේ රජු මට දුන් නොයෙක් රසයෙන් මධුරපානයෙන් අටගන්නතා වූ ලේ මුත් අනිත් ඇතිවූ ලෙයක් නොවෙයි, එබැවින් මාගේ ශරීරයෙහි රජු නිසා අටගත් මාංශයද ජිවිතයද රජුට දී පක්ෂපාතව ම මළෙමි නම් පරලොව සුවයෙක් ම ලැබෙයි. තමන් පිණිස මාගේ ජිවිතය සතුරන්ට දී පක්ෂපාතව මළ කල තිරිසන්ව සිට මට සතුරන් සාදා දී මා නිසා ජිවිතය දුන්හයි මාගේ රජු කී කල්හි මලාත් නොමළායයි සිතන සේක්, සබඳ අශ්චාචාර්යය සත්වන බලකොටුව හා එහි බිහිසිණු සතුරන් මැදට වදින්ට අනිත් අසෙක් මා මුත් මුළු දඹදිව නැතැයි භෝජාජානීය නම් වු සෛන්ධව කුලයෙහි උපන්නාවූ මා මුත් අනිත් අස් රජෙක් නැතැයි මා නගා සිටුවාගෙණ සන්නාහ බැඳ සත්වන රජු ගන්ට යවයි කී සේක.
|
| www.ජාතක කතා.org |