|
තවද එක්සමයෙක්හි බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් එක් උපාසකයකු හා මහළු තෙරුණුකෙණකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.
සැවැත්නුවර වාසයකරන්නා වූ යහළුයෝ දෙදෙනෙක් වූවාහුය. ඔවුන් අතුරෙහි එක් කෙණෙක් පැවිදිව දවසක් දවසක් පාසා උපාසකයාගේ ගෙට වඩනා සේක. උපාසක තෙමේ තෙරුන්වහන්සේට ආහාර පිළිගන්වා තෙමේද ආහාර අනුභවකොට උන්වහන්සේ හා සමග විහාරයට අවුත් සුර්යයා අස්තාංගවන තැන් දක්වා ඔබිනොබ කථා කිරීමෙන්ද හිඳ නුවරට යන්නේය. තෙරුණ් වහන්සේද නුවර වහසල් දොර දක්වා ඒ උපාසිකයා එක්ව ගොස් නවත්නාසේක. ඒ දෙදෙනා විශ්වාස බව භික්ෂූන් වහන්සේ අතුරෙහි ප්‍රකාශ වූයේය. ඉක්බිත්තෙන් එක් දවසක් භික්ෂූහු ඔවුන් දෙදෙනා ගේ විශ්වාස කථාව කියමින් දම්සභාමණ්ඩපයෙහි උන්නාහුය. සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි. මේ දම්සභා මණ්ඩපයෙහි උන්නාහුය. සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මේ දම්සභාවෙහි දැන් මා එන්නට පූර්ව භාගයෙහි කවර නම් කථාවකින් යුක්තව උන්නාහුදැයි විචාරා ස්වාමීන් වහන්ස මේ නම් කථාවකිනැයි දැනු වූ කල්හි සර්වඥයන් වහන්සේ වදාරණ සේක් මහණෙනි. මෙුහු දෙදෙන විශ්වාස වූවෝ දැන් මතු නොවෙයි පෙරත් විශ්වාස වූවාහුයයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.
|