|
තවද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් බහුභාණ්ඩික එක් භික්ෂු කෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.
මෙහි වර්තමාන කථාව යට කියන ලද දේවධර්ම ජාතකයෙහි කියනලද්ද හා සදෘශය සර්වඡයන් වහන්සේ ඒ මහණට වදාරණසේක් මහණ තෝ බහුභාණ්ඩික වූයේ සැබෑද කිම් දැයි වදාළ සේක. ස්වාමීන් වහන්ස එසේයයි දැන්වූ කල්හි කවර කාරණයකින් තෝ බහුභාණ්ඩික වූයෙහි දැයි වදාළ සේක, ඒ මහණතෙම මෙපමණක් අසාම කිපුනේ අඳනා පොරෝනා සිවුරු දමා දැන් මේ ආකාරයෙන් ම හැසිරෙමි කියා සර්වඥයන් අඳනා පොරෝනා සිවුරු දමා දැන් මේ ආකාරයෙන් හැසිරෙමි කියා සර්වඥයන් වහන්සේ අභිමුඛයෙහි නග්නව සිටියේය. මනුෂ්‍යයෝ ඕහට නින්දාවේවයි කීවාහුය, එතෙම එයින් දිවගොස් ගිහිවූයේය. මනුෂ්‍යයෝ ඕහට නින්දාවේවයි කිවාහුය. එතෙම එයින් දිවගොස් ගිහිවූයේය. භික්ෂුහූ දම්සභායෙහි රැස්ව උන්නාහු බුදුරජානන් වහන්සේගේ ඉදිරියෙහි මෙබන්දක් කෙළේ යයි කියා ඔහුගේ නුගුණ කථා කීවාහුය බුදුරජානන් වහන්සේ එතනට වැඩ වදාරා මහණෙනි මේ දම්සභාවෙහි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උන්නාහුදැයි භික්ෂූන්ගෙන් විචාරා වදාළසේක. ස්වාමීන් වහන්ස ඒ භික්ෂූන් වහන්සේ නම් නුඹ වහන්සේගේ ඉදිරියෙහි සිව්වනක් පර්ෂිත් මධ්‍යයෙහි හිරිඔතප් දෙක හැර ගම් ලදරුවෙකු මෙන් නග්නව සිට මනුෂ්‍යයන් විසින් පිළිකුල් කරණු ලබන්නේ ගිහිව ශාසනයෙන් පිරිහුනේ යයි කියා ඔහුගේ නුගුණ කථාව කිය කියා උනුම්හයි දැන්වුහ. සර්වඥයන් වහන්සේ මහණෙනි ඒ මහණ හිරි ඔතප් නැතිව සර්වඥ ශාසනයෙන් පිරිහුනේ දැන් මතු නොවෙයි පූර්වෙහි ස්ත්‍රීරත්න ප්‍රතිලාභයෙන්ද පිරිහුණෝමයයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.
|