|
තවද එක්සමයෙක්හි ශාක්‍යකුලතිලකවූ බුදුරජානන් වහන්සේ කිඹුල්වත්පුරය ආශ්‍රය කොට නිග්‍රෝධාරාමයෙහි වැඩවාසය කරණසේක් සුඹුළුඩබරක් අරභයා මේ ජාතකය වදාළසේක.
එය කුණාල ජාතකයෙහි මතු ප්‍රකාශවන්නේය, ඒ කාලයෙහි වනාහි බුදුරජානන් වහන්සේ නෑයන්ට ආමන්ත්‍රණය කොට මහරජදරුවෙනි නෑයන්ගේ ඔබිමොබ විවාද කිරීම නම් නුසුදුසුය. තිරශ්චිනගතයෝද පූර්වභාගයෙහි සාමාග්‍රීව වසන්නාහු පසමිතුරන් මැඩපැවත යම් දවසක විවාදකළාහු ද එකල්හි මහත් විනාශයට පැමිණියාහු යයි වදාරා නෑ රජදරුවන් විසින් යාච්ඤාකරණලදුව ඉකුත්වත් කථාව දක්වා වදාළ සේක.
|