|
තවද එක්සමයෙක්හි සද්ධර්ම කේතුක වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මගධරට සැරිසරා ඇවිදිනාසේක් ලැවුගිනි නිවිමක් අරභයා මේ ජාතකය වදාළ සේක.
එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ මගධරට සැරිසරා ඇවිදිනාසේක් එක්තරා මගධ ග්‍රාමයක පිඬුසිඟා ඇවිද වළඳා ඉක්බිති භික්ෂූ සමූහයා පිරිවරා මගට පිළිපන් සේක. එසමයෙහි මහත් වූ ලැවුගින්නෙක් නැංගේය. ඉදිරියෙහිත් පස්සෙහිත් බොහෝ භික්ෂූහුය. ඒ ලැව්ගිනි එකධුමව එකජවාලව මැඩගෙණ එන්නේය. එතැන්හි සමහර පෘථජ්ජන භික්ෂූකෙනෙකුන් වහන්සේ මරණ භයින් භයපත්ව මේ එන ගින්නට අපි ඉදිරියෙහි ගිනිලම්හ මේ ගින්නෙන් දාගියතැන් ලැව්ගිනි නො දවන්නේ යයි කියා ගිනිදඬු මෑත් කොට ගිනිගානසේක. ඒ දැක සමහර භික්ෂූ කෙණෙකුන් වහන්සේ මෙසේ කී සේක. ඇවැත්නී. තෙපි කුමක් කරව්ද ආකාශ මධ්‍යයෙහි සිට චන්ද්‍රමණ්ඩලයත් නැගෙණහිරිසක්වළින් නැගෙන්නාවූ දහසක් රස්මීන් හෙබියා වූ සූර්ය මණ්ඩලයත් වොන්තරයෙහි සිට සමුද්‍රයත් මහමෙර සමීපයෙහි සිට මහමෙරත් නොදත්තවුමෙන් දෙව්මිනිස් සහිත වූ ලොවට අග්‍රපුද්ගල වූ තොප හා සමග යන්නාවූ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ නො බලා පටග්ගිදානය දෙම්හයි කියව බුදුබල නොදනුව වර තොපි බුදුන් සමීපයට යම්හයි කියා ඉදිරියෙහිත් යන්නාවූ ඒ සියලු භික්ෂූන් වහන්සේම එක්ව දශබලධාරී වූ බුදුරජානන් වහන්සේ සමීපයට ගියෙසේක. සර්වඡයන් වහන්සේ මහත් වූ භික්ෂූසංඝයා පිරිවරා එක්තරා ප්‍රදේශයක වැඩසිටිසේක. එකල ලැවුගිනි මඩනාක් මෙන් බුරමින් එන්නේය. මෙසේ එන්නා වූ ලැව්ගිනි බුදුන් සිටි තැනට පැමිණ ඒ ප්‍රදේශයට හාත්පසින් සොළොකිරියක් පමණ තැනට පැමිණ දියෙහි ගලා නිවාපු තණ සුලක්මෙන් නිවිගියේය. එකල්හි භික්ෂූන් වහන්සේ බුදුන්ගේ ගුණ කියන්නට පටන් ගත්සේක. මේ සිත් පිත් නැති ගිනිපවා බුදුන් සිටි තැන් මැඩගෙන එන්ට අසමර්ථ විය දියෙහි ගලාපු තණ සුලක්මෙන් නිවිගියේය. සර්වඥවරයන්ගේ ආනුභාව නම් ඉතා ආශ්චර්යයි මෙසේ බුදුගුණ කියන්ට පටන්ගත් සේක.සර්වඥයන් වහන්සේගේ ගුණ නම් ඉතා ආශ්චර්යයසේක නොදතහැක්කේය. මේ සිත් පිත් නැති ගිනිපවා බුදුන් සිටි තැන් මැඩගෙණ එන්ට අසමර්ථි වීය. දියෙහි ගලාපු තණ සුලක්මෙන් නිවිගියේය. සර්වඥවරයන්ගේ ආනුභාව නම් ඉතා ආශ්චර්යයි මෙසේ බුදුගුණ කියන්ට පටන් ගත්සේක. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ කථාව අසා මහණෙනි මේ මාගේ දැන් මල නොවෙයි මේ භුමිප්‍රදේශයට පැමිණ මේ ගිනි නිවියේ නම් මේ වූකලි මාගේ පුරාතනයෙහි සත්‍යක්‍රියා බලවන්නේය. මේ ප්‍රදේශය ප්‍රාතිහාර්යයයෙක් වන්නේයයි වදාළසේක. එකල්හි ආයුෂ්මත් වූ ආනන්ද මහා තෙරුන් වහන්සේ බුදුන් වැඩහිඳිනා පිණිස සඟලසිවුර සතරපට කොට පැණ වූසේක. එහි සර්වඥයන් වහන්සේ පලක් බැඳ වැඩහුන් සේක. භික්ෂූසංඝයා වහන්සේත් බුදුන් පිරිවරා වැඩහුන්සේක. එකල්හි සර්වඥයන් වහන්සේ භීක්ෂූන් විසින් ස්වාමීනි මේ වුකලි අපට ප්‍රකාශය අතීත කථාව භවයෙන් පටිච්ඡන්න හෙයින් අප්‍රකාශය ඒ අතීත කථාව අපට ප්‍රකාශ කොට වදාළමැනවැයි භික්ෂූන් විසින් ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළ සේක.
|