|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස හිමාලවනයාගේ පාර්ෂවයෙක්හි එක් මහා න්‍යග්‍රේධ වක්‍ෂයක් ආශ්‍රය කොට තිත්තිරය, වානරය, හස්තියයි කියා යහළුවෝ තුන් දෙනෙක් වාසය කළාහුය. ඔහුන් තුන්දෙන ඔවුනොවුන් ගරු නොකොට ආදර නොකොට සහභාගීවෘත්තියෙන් යුක්තවූවාහුය. ඉක්බිත්තෙන් ඔවුන්ට මෙබඳු වූ සිතෙක් වූයේය. කෙබඳු සිතෙක්ද, අපට මෙසේ වාසය කරන්නට නුසුදුසුය. අපි අපගෙන් යමෙක් මහළුද ඕහට වන්දනාමානාදී කෙරෙමින් වාසයකළමෝ නම් ඉතා යෙහැකැයි සිතුවාහුය. අපගෙන් කවරෙක් වෘද්ධතරදැයි සිතා එක්දවසක් මෙයට උපායෙක් ඇතැයි සිතා තිත්තිරය වානරය හස්තිය යන තුන් දෙනාම නුගරුකක් මුල්හි හිඳ තිත්තරය වානරය යන දෙදෙනා හස්තියා සමීපයෙන් විචාළාහුය. යහළු හස්තිය තෙපි මේ නුගරුක කවරක් ප්‍රමාණ කල් තැන්පටන් දන්නෙහි දැයි විචාළාහ. හස්තිතෙම කියනුයේ සබඳිනි. මම ලා පැල කල්හී මේ නුගගස බඩයට කොට ගියෙමි. යට කොට සිටි කල්හි වනාහි මේ වෘක්‍ෂයාගේ මුදුන් ශාකාව මාගේ නාභිය ගැයෙන්නේය. මෙසේ මම මේ වෘක්‍ෂය පැලකල් පටන් දන්නෙමි කීය. නැවතත් තිත්තිරය හස්තිය යන දෙදෙනා පූර්වයෙහි කියනලද ක්‍රමයෙන්ම වානරයාගෙන් විචාළාහුය. වානරතෙම කියනුයේ හයළුවෙනි මම වානරපැටවා වුයෙන් බිමහිඳ ශ්‍රීවය නොඔසවාම මේ නුගපැලැටියගේ අක්දළු කෑයෙමි. මෙසේ මම මේ නුගවෘක්‍ෂය කුඩාකල් තැන් පටන් දන්නෙමි කීයේය. ඉක්බිත්තෙන් වානරයාය හස්තියාය යන දෙදෙනා පූර්වයෙහි කියනලද ක්‍රමයෙන්ම තිත්තිර පණ්ඩිතයෙන්ගෙන් විචාළාහුය. තිත්තිර පණ්ඩිතයෝද කී සේක. යහළුවෙනි පූර්වයෙහි අසවල්නම් තැන මහත් නුග වෘක්ෂයෙක් වූයේය. මම ඒ වෘක්‍ෂයාගේ ඵලයක් අනුභවකොට මෙතැන්හි වර්චස් එලුයෙහි. එයින් මේ වෘක්‍ෂය හටගත්තේය. මෙසේ මම මේ වෘක්‍ෂය හටගත් කල් තැන් පටන් දන්නෙමි එසේ හෙයින් මම තොපට වැඩියෙන් ජාතියෙන් වෘද්ධතරයෙමි කීසේක. මෙසේ කී කල්හි වානරයාද හස්තියාද තිත්තිර පණ්ඩිතයන්ට කියන්නාහු නුඹ වහන්සේ අපට වැඩියෙන් වෘද්ධතරය අද මෙතැන් පටන් අපි නුඹ වහන්සේට සත්කාර ගරුකාර වන්දනාමානාදී වූ පූජාවෙන්ද වැඳිමය හුනස්සෙන් නැගීමය අඤජලීකර්ම සාමිචිකර්මයන්ද කරම්හ. නුඹ වහන්සේගේ අවවාදයෙහි ද සිටම්හ. නුඹ වහන්සේ වනාහි මෙතැන් පටන් අපට අවවාද අනුශාසනා දෙවයි කිවුය. එතැන් පටන් තිත්තිර පණ්ඩිතයන් වහන්සේ ඔහුන්ට අවවාද දුන්සේක. ශිලයෙහි පිහිටවූසේක. තෙමෙත් පඤශීලය සමාදන්ව රක්ෂා කළසේක. ඔහු තුන්දෙනම පඤශීලයෙහි පිහිටුවා ඔහුනොවුන් ගෞරව ඇති ව සදෘශ වූ ප්‍රවෘත්ති ඇතිව ජීවිතයාගේ කෙළවර දිව්‍යලෝකයෙහි උපන්නාහුය. ඔහුන් තුන්දෙනාගේ සිල්සමාදන්වීම තිත්තර බ්‍රහ්මාචාර්යය නම් වූ යේය. මහණෙනි තිරශ්චිනගත වූ ඔහු වනාහි ඔහුනොවුන් ගෞරව සහිතව සත්කාර සහිතව වාසය කළාහුය. තෙපි මෙසේ යහපත් කොට දෙසනලද ධර්මය ඇති මාගේ ශාසනයෙහි පැවිදිව කවරහෙයකින් ඔවුනොවුන් ගෞරව නැතිව ආදර නැතිව වාසයකරන්නාහුද? මහණෙනි මෙතැන් පටන් සඟ මහළු පිළිවෙළින් වැඳිමය හුනස්නෙන් නැගීමය අඤජලීකර්මය සාමිචිකර්මය මහණ වූ පිළිවෙලින් අග්‍ර ආසනය අග්‍ර උදකය අග්‍ර පිණ්ඩය යන මේ සියල්ල මෙතැන් පටන් තොපට අනුදනිමි. අභිනව මහණවූවාහු විසින් වෘද්ධතරයාහට නොවැලක්විය යුත්තේය. යමෙක් වැලැක් වූයේ වී නම් දුක්කටප්තති යයි වදාරා මෙසේ සර්වඥයන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා මෙසේ වදාළ සේක. වෘද්ධපචායන ධර්මයෙහි දක්ෂ වූ යමෙක් කුලවෘද්ධ, ගුණවෘද්ධ, වයොවෘද්ධ, තුන්දෙනා කෙරෙන් ගුණවෘද්ධ වයොවෘද්ධ යන දෙදෙනාහට පූජා කෙරේද ඔහු ඉහතාත්මභාවයෙහි ප්‍රශංසාහී වෙති. මෙලොව හැර යායුතු පරලොවෙයි සුගතියට යන්නාහු වෙති මහණෙනි. ක්‍ෂත්‍රීයයෝ වෙත්වයි බ්‍රාහ්මණයෝ වෙත්වයි වෛශ්‍යයෝ වෙත්වයි ක්‍ෂූද්‍රයෝ වෙත්වයි ගෘහස්තයෝ වෙත්වයි ප්‍රව්‍රජිතයෝ වෙත්වයි තිරශ්චිනගතයෝ වෙත්වයි යම් කිසි සත්ව කෙනෙක් ජ්‍යෙෂ්ඨපචායන කර්මයෙහි දක්ෂ වූවාහු ගුණයෙන් යුක්තවූ වයෝවෘද්ධයන්ට ආදර කෙරෙත්ද. ඔහු මේ ආත්ම භාවයෙහිද ජ්‍යෙෂ්ඨපවායන ක්‍රියාව කළාහු යයි ප්‍රශංසා ලබන්නාහුය. කරජකායයාගේ හෙදයෙන් සවර්ගීලෝකයෙහි උපදනා වූ යයි වදාළ සේක. මෙසේ ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ ජ්‍යෙෂ්ඨාපචායන කර්මයාගේ ගුණ වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ තිත්තිර ජාතකය නිමවා වදාල සේක.
|
| www.ජාතක කතා.org |