|
තවද ලෝකස්වාමී වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජෙතවන විහාරයෙි වැඩවසන සමයෙහි චීවර වෘද්ධිකයකි. නම් එක් භික්ෂූවකෙණෙකු න් වහන්සේ අරභයා මේ ජාතකය වදාරණලදී.
ඒ කෙසේද යත්,
දෙව්රම්වෙහෙර වැඩ වසන එක්කෙණෙකුන් වහන්සේ කඩා කැපීම ගෙත්තම් කිරීම ආදියෙහි දක්ෂ සේකි. එසේ හෙයින් උන්වහන්සේට චිවර වඩ්ඩකී නම් විය දිරාගිය රෙදි කැබලි ගෙණ හත්ත කර්මාන්ත දක්වා සිවුරු ගෙත්තම් කොට රඳා සුරුකිව තබන සේක.
සිවුරු ගෙත්තම් කරන්ට නොදන්නා භික්ෂූන් වහන්සේ අලුත් අලුත් පිළි උන් වහනසේ සමීපයට ගෙණ ගොස් මේ කඩ කපා දුන මැනවයි කියන සේක. එකල ඒ මහණ කඩ කපා ගෙත්තම් කරණසේක් කල් යවන්නේය. මා පළමු තනතුමූ සිවුරු ඇතැයි කියා අලුත් පිළි ගෙණ ජීර්ණ වූ සිවුරු දෙන සේක් ඒ සිවුරු වැලඳ මදක් කිළුටු වූ කල උනුපැනෙහි ලා සෝදනසේක. එසමයෙහි ඒ ඒ තැන දිරුණු තැන් පෙනෙන්නේය. උන්වහන්සේලා බොහෝසේ කලකිරෙණසේක. මෙසේ ආ ආ භික්ෂූන් වහන්සේගෙන් අලුත් පිළි ගෙණ දිරාගිය සිවුරු දී වංචාකරණසේක් බොහෝ තැන ප්‍රකාශ වූ සේක. මුන් වහන්සේ පරිද්දෙන් පිටිසරත් එක මහණෙක් වූයේය. ඒ මහණෙක් වූයේය. ඒ මහණ දෙව්රම් වෙහෙර තමාගේ වංචා දන්නා එක්කෙණෙකුන් වහන්සේ ඇතැයි යනු අසා සිතනුයේ නුවරවාසී හු ඒ භික්ෂූ රවටන්ට උවමනවැයි සිතා ඉතා නොරත රෙදි සිවුරක්කොට යහපත්කොට රඳා ඒ සිවුර වැළඳ ගෙණ දෙව්රම් වෙහෙරට ගියසේක. අනික් මහණ ඒ භික්ෂූහුගේ සිවුර දැක ලෝභ උපදවා තමන් රවට්ටන්නට ආ බව නො දැන කියනසේක් ස්වාමීනි, මේ සිවුර නුඹ වහන්සේ විසින් කරණලද්දේදැයි විචාළේය. එසේය අප විසිනැයි කී කල්හි එසේවීනම් මේ සිවුර මට දුනමැනවයි කීසේක. කුමක් කියව්ද පැවිද්දෙනි. අප ඉන්නේ පිටිසර චීවරාදී ප්‍රත්‍යය දුර්ලභය. තොපට මේ සිවුර දී කුමක් පොරවම්දැයි කී සේක. ස්වාමීනි අපගේ අළුත් පිළිඇත. ඒ ඇරගෙණ සිවුරු කොට ගෙණ ගත මැනවයි සිවුර මට දුන මැනවයි කීසේක. එසේ තොප ඉල්වන කල සිවුර ගනුවයි කියා අළුත් පිළි ගෙණ සිවුර දී වංචා කොට ගියාහ. උන්වහන්සේ සිවුර වැලඳ කීපදවසකින් උනු පැනෙහිලා සෝදනසේක් නොයෙක් තැන ඉරි රෙදි බව දැන පිටිසර මහණ මා වංචා කෙළේයයි ලජ්ජා වූ සේක. ඉක්බිත්තෙන් පිටිසර වංචාදන්නා මහණෙකු දෙව්රම් බෙහෙර වංචාදන්නා මහණක් රවටනලදැයි භික්ෂූන් මධ්‍යයෙහි ප්‍රකාශ විය. මේ කථාව එක් දවසක් දම්සභා මණ්ඩපයේ වැඩහුන් භික්ෂූන් වහන්සේ කියා කියා උන්තැනට බුදුරජානන් වහන්සේ තුන් තරා ගමනකින් එක්තරා ගමනකින් වැඩ වදාරා පණවන ලද බුද්ධාසන මස්තකයෙහි සවණක් ඝනරසින් දිලිහි දිලිහි වැඩ හිඳ මිහිරි වූ කටහඬින් බ්‍රහ්මඝෝෂා විහිදුවමින් මහණෙනි. මා එන්නට පළමුවෙන් කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා ස්වාමීනි මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි දැන්වු කල්හි මහණෙනි දැන්මතු නොවෙයි පිටිසර මහණ දෙව්රම්වෙහෙර මහණහු පෙරත් රැවටුයේ වේදැයි වදාරා ඒ භික්ෂූන් විසින් ආරාධිත වූ සේක් අතීත කථාව දක්වා වදාළ සේක.
|