|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ එක් කෙළෙඹිකුලයෙක්හි පිළිසිඳ ගත්සේක. අප මහාබෝසතානන් වහන්සේගේ යහළු වූ එක් කෙළඹි පුත්‍රයෙක් ඇත්තේය. හෙතම වෘද්ධය ඔහුගේ භාර්යාව වනාහි ලදරුය ඒ තරුණ ස්ත්‍රී තොමෝ වෘද්ධ පුරුෂයා නිසා පුත්‍රයකු ලද්දේය. ඒ පුරුෂ තෙම සිතනුයේ මේ ස්ත්‍රී තරුණ බැවින් මාගේ ඇවෑමෙන් කිසියම් පුරුෂයකු ගෙණ මේ වස්තුව නසන්නීය. මාගේ පුත්‍රයාහට නොදන්නීය මම මේ ධනය පෘථිවිගත කෙලෙම්නම් යෙහකැයි සිතා ගෙයි නන්ද නම් දාසයා කැඳවාගෙණ වනයට ගොස් එක් තැනෙක්හි ඒ වස්තුව නිධානගත කොට ඕහට කියා පින්වත් නන්ද නම් දාසයා මේ වස්තුව මාගේ ඇවෑමෙන් මාගේ පුත්‍රයා හට කියව ඒ වස්තුව පරිත්‍යාග නොකරවයි කියා ඕහට අවවාද දී කාලක්‍රියා කෙළේය. ඔහුගේ පුත්‍රද අනුක්‍රමයෙන් වැඩිවිය පැමිණියේය. ඉක්බිත්තෙන් ඕහට මෑනියෝ මෙසේ කිවුය. පුත්‍රය තොපගේ පියානෝ නන්ද නම් දාසයා කැඳවාගෙණ වස්තුව නිධාන කෙළේය.ඒ වස්තුව ගෙන්වා ගෙණ කුටුඹ සංඨාපනය කරවයි කිවුය. ඒ පත්‍රතෙම එක් දවසක් නන්ද නම් දාසයහට කියනුයේ මලනුවෙනි මාගේ පියානන් විසින් කිසි වස්තුවක් නිධාන කරණලද්දේ ඇද්දයි කියේය. එසේය ස්වාමීන් වහන්සේයැයි කීයේය. ඒ වස්තුව කොතැන්හි නිධානකරණ ලද්දේදැයි විචාාළේය. ස්වාමින් වහන්ස වනයෙහි යයි කීයේය. එසේවීනම් යම්හයි කියා උදැල්ලක් හා කූඩයක් ගෙණ නිධාන තිබෙන තැනට ගොස් මයිල වස්තූව කොතැන්හිදැයි කීයේය. නන්ද නම් දාසයා නැගී වස්තුව මත්තෙහි සිට වස්තු නිසා මානය උපදවා කොල දාසි පුත්‍රය මෙහෙකරුව තොපට මෙතැන්හි වස්තු කොයින්දැයි කුමාරයාහට ආක්‍රෝශ කෙළේය. කුමාරතෙම ඔහුගේ පරුෂවචන අසා නො ඇසුනාක් මෙන්ම එසේවීමනම් යම්හයි කියා ඔශු කැඳවාගෙණ ආපසු අවුත් නැවත දෙතුන් දවසක් ඉක්මවා ගියේය. නන්ද නම් දාසතෙම එලෙසම ආක්‍රෝශ කරන්නේය. කුමාරයා ඔහු හා සමඟ පරුෂවචන නොකියාම ආපසු අවුත් මේ දාසතෙම මෙතැන් පටන් වස්තුව කියන්නෙම් කිය කියා යන්නේය. ගොස් වනාහි ආක්‍රොශ කරන්නේය. එහි කාරණා නොදන්නෙම් මාගේ පියානන්ගේ යහළු වූ කෙළඹි පුත්‍රයෙක් ඇත්තේය. ඔහු අතින් විචාරා දැන ගනිමි කියා බෝධිසත්වයන් වහන්සේගේ සමීපයට ගොස් ඒ සියලු ප්‍රවෘත්තිය කියා පියානෙනි, කවර කාරණාවක් දැයි විචාලේය. බෝධිසත්වයන් වහන්සේ කියනසේක් පුත්‍රය යම් තැනෙක්හි සිට නන්ද නම් දාසතෙම ආක්‍රොශ කරන්නේද තොපගේ පියානන් සන්තක වස්තුව එතැන්හිමය. ඒ කාරණයෙන් යම් තැනෙක්හිදී තොපට නන්ද නම් දාසතෙම ආක්‍රෝශ කරන්නේද එතැන්හි දීම ඔහු කොල දාසය වරෙවයි කියා ඇද දමා උදැල්ලක් ගෙන එතැන බිඳ කුලසන්තක වස්තුව නිකුත්කොට දාසයා ලවා ඔසවා වස්තුව ගනුවයි කියා මෙසේ කීසේක. කුලජාත දාසියගේ පුත්‍ර වූ නන්ද නම් දාසතෙම යම් තෙනෙක්හි සිටියේ පරුෂකොට ගර්භාකෙරේද බෙණෙ ද සොහනවර්ණ සාමාන්‍යයෙන් ස්වර්ණ මාලාද යම් තැනෙක්හි ඔහු සිටී ද එතැන්හියයි සිතමි කියා බෝධිසත්වයන් වහන්සේ කුමායාහට වස්තු ගන්නා උපාස වදාළසේක. කුමාරතෙම බෝධිසත්වයන් වහන්සේට වැඳ ගෙට ගොස් නන්ද නම් දාසයා කැඳවා ගෙණ නිධානතිබෙන තැනට ගොස් අවවාද කී පරිද්දෙන් පිළිපැද ඒ වස්තුව ගෙණ කුටුඹ සංඨාපනය කොට බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයෙහි සිටියෙහි සිටියේ දාන ශිලාදී පින්කම් කොට ජීවිතයාගේ කෙළවර කම් වූ පරිද්දෙන් මිය පරලොවගියසේක. ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ වදාරණසේක් මේ මහණ පෙරත් මෙබදු ශිලීවූයේ යයි වදාරා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ නන්ද ජාතකය නිමවා වදාළසේක.
|
| www.ජාතක කතා.org |