|
තවද එක්සමයෙක්හි බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක් සැරියුත් මහතෙරුන් වහන්සේගේ සෘද්ධි විහාරික භික්ෂූ කෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.
ඒ භික්ෂූන් වහන්සේ වනාහි කීකරුය වචනයෙන් ඉවසන සේක, සැරියුත් මහතෙරුන් වහන්සේට මහත් ව්‍යායාමයෙන් උපකාර කරණ සේක. ඉක්බිත්තෙන් එක්සමයෙක්හි සැරියුත් මහතෙරුන් වහන්සේ බුදුරජානන් වහන්සේට සැළකොට දනව් සැරිසරා වඩනනාසේක් දක්ෂිණගිරි ජනපනදයට වැඩිසේක. කීකරු ඒ භික්ෂූන් වහන්සේ ඒ ජනපදයට වැඩි කල්හි දැඩි මන් ඇතිව තෙරුන් වහන්සේගේ වචනය නොකරණසේක. ඇවැත්නි. මෙනම් දෙයකරවයි කී කල්හි වනාහි තෙරුන්වහන්සේට ප්‍රතිපක්‍ෂ වූයේය. ස්ථවිරයන් වහන්සේ ඔහුගේ අදහස් නොදන්නාසේක. තෙරුන් වහන්සේ ඒ ජනපදයෙහි සැරිසරා නැවත ජේතවනාරාමයට වැඩිසේක. ඒ භික්ෂූන් වහන්සේ තෙරුන් වහන්සේට ජේතවනා විහාරයට ආකල් තැන් පටන් නැවත එබදු ගුණයෙන් යුක්තවූසේක. තෙරුන්වහන්සේ සර්වඥයන් වහන්සේට දැන් වූ සේක. ස්වාමීන්වහන්ස මාගේ එක් සෘද්ධිවිහාරික භික්ෂූ කෙණෙක් එක් තැනෙක්හි සියයක් දී ගත් දාසයෙකු මෙන් වන්නේය එක් තැනෙක්හි දැඩි මන් ඇතිව මෙනම් දෙයක් කරවයි කියනු ලබන්නේ ප්‍රතිපක්‍ෂ වන්නේ යයි දැන්වූසේක. සර්වඥයන් වහන්සේ වදාරණසේක් ශාරිපුත්‍රස්ථවිරයෙනි මේ මහණතෙම මෙබදු ශිලීවූයේ දැන්මතු නොවෙයි. පෙරත් මෙ තෙම එක් තෙනකට ගියේ සියයක්දී ගත් දාසයකු මෙන් වන්නේය. එක් තෙනකට ගියේ ප්‍රතිපක්‍ෂව පිළිසතුරු වන්නේ යයි වදාරා තෙරුන්වහන්සේ විසින් යාඥාකරණ ලදුව ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක.
|