|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහාබෝසතානෝ වෙළදාමෙන් ජීවත් වෙති. එසමයෙහි කසීරට එක් පසල් ගමෙක බොහෝ වඩුවෝ වෙසති. ඒ ගම එක් ඉසකේ වැගිරීගිය වඩුවෙක් දණ්ඩක් සස්නේය. එකල එක මදුරුවෙක් ඔහුගේ තඹතැටිපිටක් වැනිවූ ඉසෙහිද අඩයටියෙන් පහරණාක් මෙන් ඉස මුව තුඩින් විදිනේය. එතෙම තමා සමීපයෙහි සිටි පුතුට කියන්නේ පුත මා හිස එක් මදුරුවෙක් තෙබකින් අනින්නාක් මෙන් විදිනේය. ඔහු නවතාපියවයි කීය. එබස් ඇසූ පුත්‍රයා කියන්නේ පියානන් වහන්ස. ඉවසුව මැනවයි එක පහරින් ඒ මදුරුවා මරාපියම්යි කීය. එසමයෙහි බෝධිසත්වයෝත් තමන්ට බඩු සොයමින් එගමට පැමිණි ඒ වඩුවන්ගේ දඬුගල සිටියාහ. ඒ වඩ්ඪකී පුත්‍රයා මදුරුවා දුරුකෙරෙමියි සියුම් මුවහත් ඇති මහ පොරවක් ගෙණ පියාගේ පිටිපස්සේ සිට මදුරුවා ගසමියි පියාගේ හික දෙකක් කොට පැළුයේය. වඩුවා එතැන්හිම ජීවිතක්ෂයට පැමිණියේය. බෝධිසත්වයෝ ඔහුගේ ක්‍රියාව දැක සතුරා උවන් නුවණැති තැනැත්තේ උත්තමය. ඒ නුවණැත්තාවූ සතුරා අනුන් තමා මරතත් දඩ ගනිතත් ඒ දණ්ඩනාදියෙහි භයින් මනුෂ්‍යයන් නොමරන්නේයයි සිතා මෙසේ කිවුය. නුවණින් යුක්ත වූ සතුරා උතුම්, නුවණ නැත්තාවූ මිත්‍රයා උතුම් නොවෙයි කුමක් හෙයින්ද යත්, මේ කෙළ තොළුවූ නුවණ නැති පුතත්‍රයා මදුරුවා මරම්යි තමාගේ පියාගේ ඔළුව පලාපිය. එසේ හෙයින් අඥාන වූ මිත්‍රයාහට වඩා ප්‍රඥා වූ අමිත්‍රයාම උතුමැයි. මෙසේ මහ බෝසතානෝ එතනට පැමිණ සත්වයන්ට ධර්මදේශනා කොට හුනස්නෙන් නැගී ගොස් කම්වූ පරිද්දෙන් මිය පරළොව ගියෝය. වඩුවාගේ නෑයොත් ඔහු දවාපුය ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ උපාසකාවරුනි පෙරත් මදුරුවා ගසම්හයි අනුන් ගසා මැරූ මනුෂ්‍යයෝ ඇත්තෝම වේදැයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ මකස ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි එතනට පැමිණ සත්වයන්ට අවවාද කොට ගියාවූ නුවණැති වෙළදානෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. |
| www.ජාතක කතා.org |