|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකෙුන් රාජ්‍යය කරණ කල්හි බෝධිසත්වයන් වහන්සේ සිටුකුලයෙක්හි ඉපිද පිය මහ සිටුහුගේ ඇවෑමෙන් සිටුතනතුරට පැමිණිසේක. ඒ සිටානන්ගේ ද රෝහිණි නම් දාසියක් වූවාය. ඒ දාසිද තමාගේ් විපහරණ තැනට අවුත් හොත්තා වූ මෑණියන් විසින් දුවනියෙනි මාගේ හිස මක්‍ෂිකාවන් වලක්වයි කියනු ලබන්නී මෙම ක්‍රමයෙන් මොහොලින් ප්‍රහාර දී මැණියන් ජිවිතක්ෂයට පමුණුවා හඬන්ට පටන් ගත්තේය. බෝධිසත්වයන් වහන්සේ ඒ ප්‍රවෘත්තිය අසා අමිත්‍රද වනාහි මේ ලෝකයෙහි ප්‍රඥාවන්ත තැනැත්තෙම උතුමැයි සිතා මෙසේ කීසේක. කරුණා ඇත්තා වූ යම්බදු බාලයෙක් ඇද්ද ඌට වඩා නුවණැත්තා වූ අමිත්‍රයාම උතුම් වන්නේය. කුමක් මෙන්ද යත්, රෝහිණි නම් වූ නුවණ නැත්තී මව මැස්සන් මරමියි මුසලප්‍රහාරයෙන් මරා ශෝක කෙරෙයි. මේ කාරණයෙන් මේ ලෝකයෙහි අමිත්‍රද ප්‍රඥාවත් නැත්තේ උතුම්වන්නේ යයි බෝසතානන් වහන්සේ ගෘහපතිය මෝ තොමෝ මැස්සන් මරාමියි සිතා මව නැසුවා දැන් මතු නොවයි පෙරත් මැරුවාමයයි වදාරා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා රෝහිණි ජාතකයනිමවා වදාළ සේක. එකල්හි මෑණියන් දැනුත් මෑණියෝම වූහ. දුවණියාේ දැනුත් දුවණියෝය. මහසිටාව උපන්නෙම් වනාහී තිලෝගුරු සම්‍යක් සම්බුදු රජානන් වූ මම ම වේදැයි තමන්සමන්සේ දක්වා වදාළ සේක. |
| www.ජාතක කතා.org |