www.ජාතක කතා.org

තවද එක්සමයෙක්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ කොසොල් රට එක්තරා ගෙමෙක්හි වසනසේක් උධ්‍යානයක් දුෂ්‍ය කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් වහන්සේ වනාහී කොසොල්රට සැරිසරා වඩනාසේක් එක්තරා ගමකට පැමිණිසේක. ඒ ගමෙහි වසන එක් කෙළඹි පුත්‍රයෙක් සර්වඥයන් වහන්සේට ආරාධනා කොට තමාගේ උයනෙහි වැඩහිඳිනට සලස්වා බුදු පාමොක් මහා සංඝයාවහන්සේට දන්දී ස්වාමින් වහන්සේලා කැමති පරිද්දෙන් මේ උයනෙහි හැසිරෙන සේක්වයි කීයේය. භික්ෂූන් වහන්සේලා උන් තැනින් නැගී සිට උයන්ගොව්වා ගෙණ උයනෙහි හැසිරෙන්නාහූ එක් එලිවූ තැනැක් ඝනවූ ඡායාව ඇත්තේය මෙතැන්හි වෘක්‍ෂයක් හෝ ගසෙක් හෝ නැත්තේය. කවර කාරණයෙක්දැයි විචාළාහ. ස්වාමීන් වහන්ස මේ උද්‍යානය ගස් රෝපනය කරණ කල්හි ගම්දරුවෙක් දිය ඉස්නේ මෙතැන්හි පැල වුල් උදුරා මුල් මපණින් දිය ඉස්සේය. ඒ රුක්පැල මලානිකව මලේය. මේ කාරණයෙන් මේ ස්ථානය එලිවූයේයයි කීය. භික්ෂූන් වහන්සේලා සර්වඥයන් වහන්සේ කරා එලඹ මේ කාරණාව දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ මහණෙනි ඒ ගාමාදාරකතෙමේ ආරාමය දුෂ්‍යකෙළේ දැන් මතු නොවෙයි පූර්වයෙහිත් ආරාමය දූෂ්‍යකෙළේම යයි වදාරා ඉකුත්වත් කථාව වදාළ සේක.

www.ජාතක කතා.org