|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ බරණැස්නුවර සිටු කුලයක ඉපිද වැඩිවියට පැමිණ සිටුස්ථානාන්තරයට පැමිණිසේක. ඒ බරණැස් සිටානන් නිසා එක්තරා වෙළෙන්ඳෙක් ජීවත්වන්නේය. ඒ වෙළඳපුත්‍රතෙම තියුණුවූ රා යොදා මේ රා විකුටමිලගණුවයි කියා අතවැස්සාට කියා නහනු පිණිස ගංගාවට ගියේය. අතවැසි පුරුෂතෙම අප මහබෝසතානන් වහන්සේ ආශ්‍රයකොට සිටි වෙළෙන්ඳා ගිය පමණකින්ම රා සැළවල්හි ළුනුබහා මෙම ක්‍රමයෙන් රා නැසුයේය. ඉක්බිත්තෙන් ඔහුගේ ආචාරිතෙම අවුත් ඒ කාරණාව දැන සිටානන්ට දැන් වූයේය සිටානෝ අනර්ථයෙහි දක්ෂ වූ අඥානයෝ වැඩකරම්හයි කියා අවැඩකරන්නාහුයයි කීසේක. අනර්ථයෙහි දක්ෂා විසින් කරණලද අර්ථචර්යා තොමෝ සුව ඵලවන්නී නොවෙයි නුවන නැතිතැනැත්තේ තමාහට වැඩ පිරිගෙලන්නේය. කවරක්හූ මෙන්දයත් රා සැලවල ළුනුලා නැසීද එපරිද්දෙන් නුවන නැති තැනැත්තේ යහපත් කෙරෙමියි නපුරක්ම කරන්නේයයි කියා බෝධිසත්වයන් වහන්සේ බණ වදාළ සේක. ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ්ද ග්‍රහපතිය මේ අතවැසි පුරුෂතෙම රා දුෂ්‍යකෙළේ දැන් මතු නොවෙයි පෙරත් සුරා දුෂ්‍ය කෙළේමයි වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ චාරුණි ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි රා දුෂ්‍ය කළ අතවැසි පුරුෂ තෙම දැනුදු සුරා දුෂ්‍යකළ අතවැසි පුරුෂවූයේය. බරණැස් සිටුව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක. |
| www.ජාතක කතා.org |