|
තවද එක්සමයෙක්හි බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක් ආරාම දුෂ්‍ය කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.
අනේපිඬු මහසාටනන්ගේ වනාහි යහළුවූ එක්තරා වෙළෙන්දෙක් තියුනුවූ රා යොදාහි රණ්‍යස්වර්ණාදිය ගෙණ විකුට වසනුයේ මහජනයා රැස් වූ කල්හි සගය තෙපි මිලගෙණ රා දෙවයි කියා අතවැස්සකුට අනවා තෙමේ නගනු පිණිස ගියේය. අතවැසි පුරුෂතෙම මහජනයාහට රාදෙනුයේ මනුෂ්‍යයන් අතරතුර ළුනුකැට ගෙන්වාගෙණ අනුභවකරන්නවුන් දැක රා ළුනු නැත්තේවන ළුනු මෙහි බහන්නෙම් සිතාරා සැලෙහි නැළියක් පමණ ළුනූ බහා ඔහුන්ට රා දෙන්නේය. ඔහු මුඛය පුරපුරාගත් රා දමා තොප විසින් කවරක් කරණ ලද්දේදැයි විචාළහුය. තෙපි රා බී ළුනු ගෙන්වන්නවුන් දැක ළුනුයෙන් යෙදුයෙමි කියේය. මෙබඳු මනාප වූ රා නැසූයෙහිය අඥානයෙහි යයි ඕහට නින්දාකොට නැගීසිට ගියාහ. රා වෙළඳතෙම අවුත් එක් සත්වයෙකුත් නොදැක රාපීවාහු කොතැන්හි ගියාහුදැයි විචාළේය. ආඥානය මෙබඳු මනොඥ රා තා විසින් නසනලද්දේදැයි නින්දාකොට මේ කාරණාව අනේපිඬු මහාසිටානන්ට දැන්වූ යේය. අනේපිඬු මහසිටානෝ අපට මේ තෙපුල් පඬුරක් ඇතැයි සිතා ජෙතවනාරාමයට ගොස් බුදුරජානන් නමස්කාර කොට එකත්සප්ව ඉඳ මේ කාරණාව දැන් වූයේය. බුදුරජානන් වහන්සේ වදාරණසේක් ගෘහපතිය මේ තෙම රා දුෂ්‍ය කෙලේ දැන් මතු නොවෙයි පූර්වයෙහිත් රා දුෂ්‍ය කෙළේමයයි වදාරා අනේ පිඬු මහසිටානන් විසින් ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් කථාව දක්වා වදාළ සේක.
|