තවද එක්සමයෙක්හි තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරණ සේක් පසුබට වීර්ය ඇති භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක. එහි වර්ථමාන කථාව හා අතීත කථාව මහජනක ජාතකයෙහි විස්තර වශයෙන් මතු ප්‍රකාශ වන්නේය. මේ ජාතකයෙහි චුල්ලජනක රජ්ජුරුවෝ වනාහී ධවල චඡත්‍රයාගේ යට පනවන ලද සිංහාසන මස්තකයෙහි හුන්සේක් මෙසේ පර්ෂිද්ට කීසේක.