www.ජාතක කතා.org

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරණ කල්හි අප මහබෝසතානන් වහන්සේ බරණැස සිටාන කෙනෙක් වූසේක. එකල්හිද මේ ධූර්තයො මෙම ක්‍රමයෙන් මන්ත්‍රණය කොට සුරාවෙහි විශයොදා බරණැස සිටානන් එනකල්හි පෙරමගට ගොස් මෙපරිද්දෙන්ම කිවාහුය. බරණැස සිටානෝ නොකැමතිව ඒ ධුර්තයන් පරික්ෂා කරනු කැමතිව ගොස් ඔවුන්ගේ ක්‍රියාව බලා මෙනම් දෙයක් කරණු කැමැත්තාහ ඔවුන් මෙතනින් එලවන්නෙමියි සිතා කියනසේක් පින්වත් ධුර්තයෙනි සුරාපානය කොට රජවාසභවනයට යන්ට නුසුදුසුය රජ්ජුරුවන් දැක නැවත එනකල්හි දැනගතිමි. තෙපි මෙතැන්හිම හිඳුවයි කියා රාජ සේවය ගොස් නැවත ආසේක. ධූර්තියෝ එන්නාවු සිටානන් දැක ස්වාමින් වහන්ස මෙතනට එවයි කිවාහුය. ඔහුන්ගේ වචනය අසා එතනට ගොස් විසයොදා තිබෙන රා පාත්‍රය බලා මෙසේ කීසේක. පින්වත් ධර්තියෙනි තොපගේ ක්‍රියාව මට නොරුචි වන්නේය. තොපගේ සුරා භාජනවල් පිරු පරිද්දෙන්ම තිබෙන්නේය. තෙපි හුදෙක් සුරා වර්ණනාකරහු නොම පානය කරන්නාහුය. ඉදින් මේ සුරා මනාපෙවුයේවී නම් තෙපිත් පානය කරන්නාහුය. මේ සුරාව වනාහි විෂයොදා වන ලද්දේ වනැයි කියා ඔහුන්ගේ මනොරථය බිඳවනසේක් මෙසේ වදාළ සේක. සුරාපාත්‍රවල් මායන කළ මෙන් පිරිතිබෙන්නේය. මේ සුරා වර්ණනා කථාවක් පවතීද හෙද අනිකක්මය. ඉදින් මේ සුරා මනාපවීනම් තෙපි පානය කරන්නාහුය. පානය කළොත් අඩුපාත්‍ර තිබෙන්නේය. තොපගෙන් එක්කෙනෙකුන් විසිනුදු සුරාපානය නොකරණ ලද්දේය. එසේහෙයින් මේ සුරාපානය යහපත් නොවන්නේය. විෂයොදවන ලද්දේ වනැයි කියා ධූර්තියන් භයගන්වා නැවත මෙබන්දක් නොකරවයි කියා තැතිගන්වා එතැනින් එළවූසේක. අප මහ බෝසතානන් වහන්සේ ජිවිතාන්නය දක්වා දානාදී පින්කම් කොට කම්වූ පරිද්දෙන් මියපරලොව ගියසේක. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා ජාතක ධර්මය නිමවා වදාළසේක. එසමයෙහි ධූර්තියෝ දැනුදු ධර්තියෝ වුවාහුය. බරණැස් සිටුව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

www.ජාතක කතා.org