|
තවද එක් සමයෙක්හි සර්ව ධර්මයන් සර්වාකාරයෙන් කරතලාමලක ක්‍රමයෙන් අවබෝධ කළාවූ සර්වඡයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක් ඵලයෙහි දක්ෂ වූ එක් උපාසකයක්හූ අරඹයා මේ ජාතකය වදාළ සේක.
සැවැත්නුවර වාසය කරන්නාවූ එක් කෙළඹි පුත්‍රයෙක් වනාහි බුදු පාමොක් භික්ෂූ සංඝයා වහන්සේට ආරාධනාකොට තමාගේ උයනෙහි වැඩ හිඳිනට සලස්වා කැඳ අවුළුපත් වළඳවා උයන්ගොව්වාට ආමන්ත්‍රණය කොට භික්ෂූ සංඝයා වහන්සේ හා සමග උයනෙහි හැසිර ආර්ය වූ භික්ෂූ සංඝයාවහන්සේට අඹ දඹ ආදී වූ නොයෙක් ඵලාජාති පිළිගන්වයි කීයේය. උධ්‍යාන පාලතෙම ඔහුගේ වචනය පිළිගෙණ භික්ෂූ සංඝයා කැඳවාගෙණ උසර්වානයෙහි හැසිරෙන්නේ වෘක්‍ෂය දිසාව බැලුපමණකින්ම මේ ඵලය අමුය. මේ ඵලය යහපත්ව නොපැසුනේය. මේ ඵල යහපත්ව පැසුනේයයි දැනගන්නේය. හෙතම යමෙක් කීයේද ඔහුගේ වචනය එලෙසම වන්නේයයි කියා භික්ෂූ සංඝයාගොස් සර්වඥයන් වහන්සේට දැන්වුවාහුය. ස්වාමීන් වහන්ස මේ උසර්වානපාලතෙම ඵලයෙහි දක්ෂය භූමියෙහි සිටම වෘක්‍ෂය බලා මේ ඵලය අමුය, මේ ඵලය යහපත්ව නොපැසනේය, මේ ඵලය යහපත්ව පැසුනේයයි දැන්නේය. මෙතෙම යමක්කීයේද ඒ එලෙසම වන්නේයයි දැන්වුවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණ සේක් මහණෙනි මේ උසර්වාන පාලයාම ඵලයෙහි දක්ෂ වූයේ නොවෙයි. පෙරත් නුවනැත්තෝ ඵලයෙහි දක්ෂ වූවාහුමයයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.
|