www.ජාතක කතා.org

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහබෝසතානෝ බරණැස් නුවර සිටුකුලයක ඉපිද අනේකප්‍රකාර වූ සැපයෙන් දිව්‍යකුමාරයකුමෙන් වැඩෙමින් ක්‍රමයෙන් විඥ බවට පැමිණ සොළොස් ඇවිරිදි කලම සියලු සිල්පයෙහි කෙළවර පැමිණියෝය, ඒ කුමාරයෝ පියානන්ගේ ඇවෑමෙන් සිටු තනතුර ලැබ නුවර සතරවාසල් දොර දන්හල් සතරෙක නුවරමැද එකෙක තමාගේ ගෙදොර එකෙකැයි සදන්හල් කරවා මහදන් දෙති. පන්සිල් රකිති. පෙහෙවස් වෙසෙති ඉක්බිත්තෙන් එක් දවසක් පෙරවරු වේලෙහි බෝධිසත්වයන්ට නොයෙක් අග්‍ර රසයෙන් යුක්තවු භොජනය ඵලවූ කල්හි එක් පසේබුදු කෙණෙකුන් වහන්සේ සතියක් ඇවෑමෙන් නිරෝධසමාපත්තියෙන් නැගී පිඬු සිඟන වේලාව සලකා අද මා විසින් බරණැස්නුවර සිටානන්ගේ ගෙදෙරට යන්ට වටනේයයි සිතා නාලිය දැවටුවළඳා අනවත්පත විලින් මුව සෝදා රත්ගල්තලා මුදුනෙහි සිට අඳනය ඇඳ ඊමත්තෙහි පටිය බැඳ සඟල සිවුරෙන් ගැටවටු ගන්වා ඉර්ඩියෙන් උපන්නාවූ මැටිපාත්‍රයක් ගෙණ ආකාශයෙන් ගොස් බෝධිසත්වයන් අනුභව කරන්නට තලියේ බත් ළූ ඇසිල්ලහිම ගෙදෙර වැඩිසිටිසේක. බෝධිසත්වයෝ ඒ පසේබුදුන් වහන්සේ දැකලාම අස්නෙන් නැගී සිට ආදර දක්වා අතවැස්සා මුනබැලූය. ඔහු විසින් කුමක් කෙරෙම්ද ස්වාමීනි කී කල්හි පසේබුදුන් වහන්සේගේ පාත්‍රය ගෙණවුයි කිවුය. එකෙකෙහිම පාපී වූ වසවර්තීමාරයා කම්පිත වෙමින් නැගීසිට මේ පසේ බුදුන් වහන්සේ අදට සත්වෙනිදවස් බත් නොලත් සේක. එසේ හෙයින් අද බත් නොලත් සේක් වීනම් නස්නා සේක, උන්වහන්සේ නසම්, සිටානන්ගේ දානයටත් අන්තාරායක් කෙරෙමියි සිතා එකෙනෙහිම අවුත් මිදුල් මධ්‍යයෙහි අසූරියනක් පමණ අඟුරුවලක් මැවීය. ඒ අඟුරුවල කිහිරඟුවෙන් පිරුනේය. හාත්පසින් දිළි හෙන්නාවූ ගිණිදැල්හි ඇත්තේය. එකජටාවල ඇවිලෙන්නේය, අවීචීමහා නරකයමෙන් බලන්නාවූ සත්වයන්ට වැටහෙන්නේය ඒ කිහිරඟුරු වල මවා තෙමේ ආකාශයෙහි සිටයේය. පාත්‍රය ගන්නට ගියාවූ පුරුෂයා ඒ කිහිරඟුරු වල දැක මහත් වූ භයින් භවපත්ව වැලැක්කේය.

මහබෝසතානෝ ඔහු දැක දරුව තෝ කුමක් නිසා වැලැක්කෙහිදැයි විචාලේය. ඒ පුරුෂයා කියන්නේ ස්වාමීනි මේ මිදුල මධ්‍යයේ මහත්වූ අඟුරු වලෙක් ගිණිගෙණ දිලියෙන්නේය. ඒක ජවාලාව ඇවිලෙන්නේයයි කිහ. තවද අනිකෙක් අනිකෙකැයි එනු එන්නෝ සියල්ලෝම භයින් ත්‍රස්තව වේගයෙන් පලාගියාහ. එකල බෝධිසත්වයෝ මෙසේ සිතූහ. අද මාගේ දානයට අන්තරායක් කරණු කැමතිව වසවර්ති මාරයා ඉපිළ නැංගේ වන. ඒ මාරයා තමාසේම වූ මාරයන් සියයකිනුත් මාරයන් දහසකිනුත් මා සොලවාලිය නොහැකිබව නොදත්වන. අද දැන් මාරයාගේවත් මාගේවත් බල මහත්බව හා ආනාභාව මහත්බව දනිමියි සිතා සැරසූ සැටියේම බත්තලිය තුමුම ඇරගෙණ ගෙන්නික්ම අඟුරුවල මුවවිට සිට ආකාශය බලා මාරයා දැක තෝ කවරෙක්හිදැයි විචාළේය. මම වසවර්තිමාරයායයි කී කල්හි මේ අඟුරු වල තා විසින් මවනලද්දේදැයි කිවුය. එසේය ම විසිනැයි කී කල්හි කුමක් පිණිස දැයි විචාරා තොපගේ දානයට අන්තරාය කරණු පිණිසත් පසේබුදුන් වහන්සේගේ ජීවිතාන්තරාය කරණු පිණිසත් කෙළෙමි කීය. ඒ අසා බෝධිසත්වයෝ කියන්නාහු මාරය. තා විසින් මාගේ අන්තරාවක්වත් පසේබුදුන් වහන්සේගේ ජිවිතයට අන්තරාවක් වත් මම කොටලිය නොදෙමි අදදැන්මාගේවත් තාගේවත් බල මහත්නියාව දකිමි කියා මහබෝසතානෝ දෘඪසමාදානයෙන් බත්තලියගෙණ අඟුරුවල මත්තට පැන පූය. එකෙණෙහිම අසූරියනක් පමණ ගැඹුරු ඇති අඟුරුවල පත්ලෙහි ඊ ඊ පිට අටගත්තාවූ සත්බුමු මහපියුමෙක් උඩනැගී බෝධිසත්වයන්ගේ දෙපයල පිළිගත්තේය. ඒ පියුමෙන් තිඹක් පමණ රේණු ආකාශයට කරකැවී කැවී නැගී මහබෝසතානන් වහන්සේගේ ඉස්මුදුනෙහි පටන් සකළ ශරීරය රන්සුනෙන් නැවරූවාක් මෙන් කෙළේය. එකෙණෙහි මහබෝසතානෝ පියුම් කෙමිය මත්තෙහි සිට නොයෙක් අග්‍රරසයෙන් යුක්ත වූ භෝජනය පසේ බුදුන්වහන්සේගේ පාත්‍රයට පිළිගැන්වුවාය. පසේ බුදුන් වහන්සේ ආහාරය පිළිගෙණ අනුමෙවැනි ධර්මදේශනා කොට පාත්‍රය ආකාශයට හැර මහ ජනයා බලබලා සිටියදීම ආකාශයට පැනනැගී පස්වනක් වලා මඩිමින් හිමාලය වනයට වැඩිසේක. වසවර්තීමාරයාත් පැරදා දොම්නසට පැමිණ තමන් වහන්නාවූ ස්ථානයටම ගියේය. බෝධිසත්වයෝ පියුම්කෙමිය මත්තහි සිට මහජනයාට දන්දීම හා සිල්රක්ෂා කිරීමෙහි ගුණවර්ණනා කිරීමෙන් ධර්මදේශනා කොට මහජනයා විසින් පිරිවරුණලදුව තමන්ගේ ගෙටම වැද දිවිපමණින් දානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ සිටාණෙනි යම් බුඳූහු තෙපි ප්‍රථම මාර්ග ලැබ දෙව්දුව විසින් දැන් ්සොලවාලන්ට අසමර්ථවූවාහුය යන යමෙක් ඇත්නම් ඒ තෙමේ ආශ්චර්යය නොවන්නේය. පෙර නුවනැතන් විසින් කළ දෙයම ආශ්චර්යය වන්නේයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ ඛදිරංගාර ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි පසේ බුදු වූ එහිම පරිනිර්වාණය කළෝය. වසවර්ති මාරයා පරදවා පියුම්කෙමිය මත්තහි සිට පසේ බුදුන්ට බත්තලිය පිළිගැන්වූ බරණැස්නුවර නිටානෝ නම් සම්‍යක් සම්බුදු රජවූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

www.ජාතක කතා.org