|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝසතානෝ එක් ගමක කර්ෂකව උපන් සේක. බෝධිසත්වයානන් වහන්සේ එක් දවසක් එක්තරා කරන ලද ගමෙක්හි කෙතක් කර්ෂණය කරන සේක. පූර්වයෙහි ඒ ගම සම්පත්තියෙන් යුක්ත වූ එක් සිටාන කෙනෙක් කලලයක් හා පමණ වට ඇති සතර රියන් දිග ඇති රන්කඳක් නිදාන කොට කළුරිය කළේය. ඒ රන් කදෙහි බෝධිසත්වයන් වහන්සේගේ නගුල ලග්නව සිටියේය. බෝධිසත්වයන් වහන්සේ මුල් සමූහය වනැයිසිතා පස් පිරමින් ඒ මුල දැක පාංශුවෙන් වසා දාවල් කර්ෂණ කොට සූර්ය අස්ථාන ගත වූ කල්හි වියදඩු නගුල් ආදීය එක් පසෙක්හි බහා තබා ස්වර්ණස්කන්ධය ගෙන යන්නෙමි සිතා ඒ රන්කඳ ඔසවා ගන්නට නොහැකි වූ සේක් හිඳ මෙපමණ කුක්ෂි රක්ෂා පිණිස වන්නේය. මෙපමණෙක් නිධාන කොට තබන්හෙි මෙපමණකින් කෘෂිවණෙක් කර්මාන්ත ආදියෙහි යොදන්නෙහි. මෙපමණ ධානාදී කුසල් කිරීමට වන්නේයයි කිය සතර කොට්ටාසයක් කල සේක. මෙසේ කොට්ටාසය කල කල්හි අප මහා බෝසතානන් වහන්සේට ඒ ස්වර්ණස්කන්ධය සැහැල්ලූ වූවාක් මෙන් වුයේය. අප මහ බෝසතානන් වහන්සේ ඒ ස්වර්ණස්කන්ධය ඔසවා ගෙට ගොස් සතර කොට්ටාසයකට බෙදා දානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියසේකැයි වදාරා සර්වඥයන් වහන්සේ බුදුව වැඩ හිදී මෙසේ වදාල සේක්. භෝගයන්ගේ කේෂමයට හෙවත් නිර්වාණයට පැමිණෙන පිණිස දුරු කර නීවරණයන් ඇති තිත්තයින් එසේ විගත නීවරණ වශයෙන් දවා සොභා කළස්වර්ණයක් සේ නිර්මල වූ සිත් ඇති යම් සත්වයෙක් නිරාමත්වයෙන් කුසල් කම් වූ පරිද්දෙන් බෝධිපාක්ෂික ධර්මයන් වඩාද ඒ තෙම සියළු සංයෝජනයන්ගේ විනාශයට පිළිවෙළින් පැමිණෙන්නේයයි මෙසේ සර්වඡයන් වහන්සේ අරහත් ඵලයට කුළුගන්වා දේශනාව නිශ්ටා කොට පූර්වාපර සන්ධි ගලපා මේ කාන්චනස්කන්ධ ජාතකය නිමවා වදාළ සේක.
|
| www.ජාතක කතා.org |