|
තවද එක්සමයෙක්හි චතුවෛසාරද්‍ය ඥානයෙන් යුක්ත වූ බුදුරජානන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සේක් දේවදත්ත ස්ථවිරයන්ගේ වධ පිණිස උත්සහාකිරීමක් අරභයා මේ ජාතකය වදාළසේක.
එසමයෙහි බුදු රජානන් වහන්සේ දේවදත්ත ස්ථිවරයන් වහන්සේ වධ පිණිස උත්සාහ කෙරෙති අසා මහණෙනි දේවදත්ත ස්ථිවිර තෙම වධ පිණිස උත්සාහ කරන්නේ දැන් මතු නොවෙයි පෙරත් උත්සාහ කෙළේමය, එලෙස උත්සාහා කොට තැතිගැන්වීම පමණකුදු කරන්නට නොහැකි වූයේයයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.
|