|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහාබෝසතානන් වහන්සේ සක්පිඹිනා කුලයෙක්හි ඉපිද වැඩිවයසට පැමිණ වසන කල්හි බරණැස්නුවර නැකැත් කෙළියට බෙර ලැවුහ. එකල්හි බෝසතානෝ මව්පියාණන් කැඳවාගෙණ සක්පිඹිමෙන් වස්තුව ලබමි සිතා ගොස් සක්පිඹිමෙන් වස්තුව ලැබ ගමට එන කල්හි සොරුන් වසන අරණ්‍යයකට පැමිණ කල්පිඹින්වා වූ පියානන් වැලකූසේක. ඒ පියතෙම සක් හඬින් සොරුන් ළුහුබඳවයි කියා අනතුරුනැතුවම සක්පිම්බේය. ඒසොරුහු පෙර කියනලද ක්‍රමයෙන්ම අවුත් වස්තුව පැහැරගත්තාහුය. බෝධිසත්වයන් වහන්සේත් පුර්වයෙහි කියනලද ක්‍රමයෙන් මෙසේ කීසේක. සක්පිඹින්නේය. නොම සක් නොපිඹිනේය.අධිකකොට ප්‍රමාණ ඉල්මවා නොපිඹින්නේය. අධිකකොට ප්‍රමාණ ඉක්මවා නොපිඹින්නේය. ප්‍රමාණ ඉක්මවා අධිකකොට පිඹිය වනාහි ඉතා ලාමක වන්නේය. කුමක්හෙයින්ද යත් සක්පිඹිමෙන් ලබන ලද වස්තුව නැවත නැවත සක්පිඹින්නාවූ අපගේ පියානන් විසින් නසනලද්දේයයි කීසේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මෙසේ මේ දම්දෙසුම් ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ ජාතකය වදාළ සේක.
|
| www.ජාතක කතා.org |