|
| www.ජාතක කතා.org |
|
යටගියදවස බරණැස් නුවර බ්‍රහම්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍ය කරණ කල්හි අප මහාබෝසතානන් වහන්සේ සෘෂිව්‍රජාවෙන් පැවිදිව ගංගාතීරයෙහක්හි අසපුවක්කොටගෙන අෂ්ටසමාපත්තීන්ද පංචාභිඥාවන්ද උපදවා ධ්‍යාන ක්‍රීඩාසැපයෙන් යුක්තව වාසයකරණසේක. එක්සමයෙහි බරණැස් සිටාණන්ගේ දුව දුෂ්ට කුමාරිකාවක් ඇත්තීය ඕ තොමෝ චණ්ඩය පරුෂය දැසිදස් කම්කරුවන්ට අක්‍රොශ කරන්නීය. ප්‍රහාර දෙන්නීය. ඉක්බිත්තෙන් එක්දවසක් ඒ කුමාරිකාව කැඳවාගෙන ගංගාවෙහි දිය කෙළුම් හයි කියා ගියාහුය. ඔහුන් ජල ක්‍රීඩා කරද්දීම සවස්වූයේය. වර්ෂාව පටන්ගත්තේය. මනුෂ්‍යයෝ වර්ෂාව දැක ඔබිනොබ සීඝ්‍රව දිව ගියාහුය. සිටුදුවගේ දැසි දස් කම්කරුවෝ අද අප විසින් මේ කුමාරිකාවගේ පිටි දකින්ට වටනේයයි සිතා ඒ කුමාරිකාව ජලභ්‍යන්තරයෙහිම දමා ගොඩ නැංගාහුය. වර්ෂාව වර්ෂනය කලේය. සූර්යාද හස්තන්ගත වූයේය. අන්ධකාරවූයේය. ඔව්හු ඒ කුමාරිකාවගෙන් වෙන්ව ගොටගොස් කුමාරිකාව කොයිදැයි කීකල්හි ගංගාවෙන් පළමුව ගොඩ නැංගාය. ඉක්බිත්තෙන් ඒ කුමාරිකාව කොතැන්හි ගිය බවක් නොදනුම්හයි කිවාහුය. නැයෝද පරීක්ෂාකොට නොදැක්කාහුය. මහත් වූ බෑගෑපත් ශබ්දයෙන් හඬන්නාවූ ඒ කුමාරිකාතෝම ජලශ්‍රෙතයෙන් ගෙණයනුලබන්නී මධ්‍යම රාත්‍රියෙහි බෝධිසත්වයන්ගේ පන්සල සමීපයට පැමිණියාය. අප මහබෝසතානන් වහන්සේ ඒ ස්ත්‍රියගේ ශබ්දය අසා මාගමකගේ ශබ්දයක් වන්නේය. මෑට පිහිට ආරක්ෂාවක් කරන්නෙමි සිතා තන සුලක්ගෙණ ගන්තෙරට ගොස් ඒ ස්ත්‍රිය දැක තෝ භව නොගනුව තෝ භය නොගණුවයි කියා අස්වසා හස්තිබල දරන්නාවූ කාය ශක්තියක් ඇති බෝසතානන් වහන්සේ ගඟින් පිණමින් ගොස් ඒ ස්ත්‍රිය ඔසවාගෙන අසපුවට ගෙණගොස් ගිනි දල්වා දුන්සේක. සීත පහවූ කල්හි මිහිරීවූ ඵලාඵලයෙන් ඵලවූසේක. ඒ ඵලාඵල අනුභව කොට සිටියාවූ ඒ ස්ත්‍රිය අතින් කොතැන්හි වාසය කරන්නීද කෙසේ ගංගාවෙහි හුණුවාහුදැයි විචාළ සේක. ඒ ස්ත්‍රීතොමෝ ඒ ප්‍රවෘත්තියවූ පරිද්දෙන් දැන්වූවාය. ඉක්බිත්තෙන් බෝධිසත්වයන් වහන්සේ ඒ ස්ත්‍රියට මෙතැන්හි වාසය කරවයි කියා පන්සලෙහි වාසය කරවා දෙතුන් දවසක් බෝධිසත්වයන් වහන්සේ අභ්‍යවකාශයෙහි වාසය කොට දැන් තෙපියවයි වදාළසේක. ඒ ස්ත්‍රීතොම සිතන්නී මේ තපස්වීන් වහන්සේ ශීලභේදයට පමුණුවාගෙණ යන්නෙමියි සිතා නොයෙන්නීය, ඉක්බිත්තෙන් කල් යත් යත් ස්ත්‍රි ගුත්තය ස්ත්‍රී ලීලාව දක්වා බෝධිසත්වයන් වහන්සේගේ ශිලභේදකරවා ධ්‍යන්‍යය අන්තර්ධාන කළාය. අප මහබෝසතානන් වහන්සේ ඒ ස්ත්‍රිය කැඳවාගෙණ ආරණයෙහිම වාසය කළසේක. ඉක්බිත්තෙන් ඒ ස්ත්‍රි තොම අප මහාබෝසතානන් වහන්සේට කියන්නී ස්වාමීන්වහන්ස අපට ආරණ්‍යවාසයෙන් කාරිය කිම්ද මනුෂ්‍ය පථයට යම්හයි කීවාය. බෝධිසත්වයන් වහන්සේ ඒ ස්ත්‍රිය කැඳවාගෙණ එක් පසල්ගමකට ගොස් මෝරුබැල මෙහෙයක් ලබා ජීවිකාව කොට ඒ ස්ත්‍රිය රක්ෂාකරණ සේක. අප මහා බෝසතානන් වහන්සේ මොරු විකුණා ජීවන්වන හෙයින් තක්‍රපණ්ඩිතයෝයයි කියා නමක් කළාය. එසේවාසයකරන්නාවූ අප මහ බෝසතානන් වහන්සේට ඒ ගම් වැස්සෝ වැටුප් දී අපට කටයුතු නොකොට යුතු කියමින් මෙහි වාසය කරවයි කියා ගම් දොරෙහි කුටියෙක වාසය කර වයි කියා ගම් දොරෙහි කුටියෙක වාසය කර වූවාහුය. එසමයෙහි චෞරයෝ පර්වතයෙන් බැස පසල්දනව්ව පහරන්නාහුය. ඒ සොරහු එක්දවසක් ඒ ගම පැහැර ගම් වැස්සන්ලවා බඩුපොදි ඔසවාගෙණ යන්නාහු ඒ සිටු දුවද අල්වාගෙණ තමන් වසන තෙනට ගොස් සෙසුජනයා හා හැරියාහුය. සොරදෙටු වනාහී සිටු දියනියගේ රූපයෙහි ඇලී ඔවුන් තමහට භාර්යාව කොට ගත්තේය. බෝධිසත්වයන් වහන්සේ මෙනම් ස්ත්‍රිය කොයිදැයි විචාළසේක, සොර දෙටුවා විසින් අල්වාගෙණ ගොස් තමාට භාර්යාව කරණ ලදැයි අසාත් ඒ ස්ත්‍රීතොම මාගෙන් වෙන්ව නොවසන්නීය. දිව අවුත් මා සමීපයට එන්නීයයි සිතා ඇගේ ඊම බලමින් ගම්හි වාසය කළසේක. සිටු දූද සිතන්නේ මෙතැන්හි සැපසේ වසන්නෙම් කලෙක මා තක්‍රපණ්ඩිතයන් වහන්සේ කිසි දෙයක් නිසා අවුත් මෙයින් කැඳවාගෙණ වඩනාසේක. එසේ කල්හි මම මේ සැපයෙන් පිරියෙන්නෙමි එසේහෙයින් මම ඕහට ප්‍රියකෙණෙකුමෙන් තක්‍රපණ්ඩිතයන් කැඳවාගෙන්වා නැසූවූයේවීන්නම් ඉතායෙහැකැයි සිතුවාය. ඒ ස්ත්‍රීතොම එක් මනුෂ්‍යයෙකු කැඳවා මම මෙතන දුකින් ජීවත් වන්නෙමි තක්‍රපණ්ඩිතයන් වහන්සේ අවුත් මා ගෙණයනසේක්වයි කියා හස්නක් යවුවාය. අප මහබෝසතානන් වහන්සේ ඒ හස්න අසා අදහා එතැන්හි ගොස් ගම්දොර සිට අස්නක් යවුසේක. ඒ ස්ත්‍රීතොම ගෙන් නික්ම අවුත් උන්වහන්සේ දැක ස්වාමීන් වහන්ස ඉදින් අප දෙදෙනා දැන් ගියමෝනම් සොර දෙටු තෙම ළුහුබැඳ ඵලවා අපි දෙදෙනාම නසන්නේය. රාත්‍රීභාගයෙහි යම්හයි කියා තක්‍රපණ්ඩිතයානන් වහන්සේ කැඳවාගෙන අවුත් ආහාර අනුභව කරවා කොටුයෙහි හිඳුවා සවස්වෙලෙහි සොරදෙටුවා අවුත් සුරාපානය කොට මත්වූ කල්හි ස්වාමීපුරුෂය ඉදින් මේ වෙලාවෙහි තොපගේ සතුරා දුටුයේ වීනම් ඕහට කවරක් කරන්නෙහිදැයි කීවාය. එතෙම මෙනම් මෙනම් දෙයක් කරන්නෙම් කීයේය. කිමෙක්ද ඒ තෙම දුරස්ථානයෙහි නොවේදැයි කීයේය. ඔහු කොටුයෙහි උන්නේයයි කීවාය. ඒ වෙලෙහි සොරදෙටු තෙම හුළක් ගෙණ එතැන්හි ගොස් අප මහාබෝසතානන් වහන්සේ දැක අල්වා ගෙණ ගේ මැද හෙළා වැලමිටි ආදියෙන් අභිප්‍රාය වූ පරිද්දෙන් තැළුයේය. අප මහා බෝසතානන් වහන්සේ තැළුන් ලබන සේක් අන් කිසිවක් නොකියා කොධනා අකතඥඤච පිසුනාමිත්ත දුබ්ඵිකා යි කියා මෙපමණක් වදාරණ සේක. සොරදෙටුතෙතම උන්වහන්සේට තළා පිටිතොලහයා බැඳ සයනය කරවා සවස් වේලෙහි ආහාරය අනුභව කොට සයනය කොට පිබිදුනේ රාමද සුන් කල්හි නැවතත් තලන්ට පටන්ගත්තේය. බෝධිසත්වයන් වහන්සේ එම කෝධනා අකතඤඤුච යනාදී පද සතර වදාළසේක. සොරදෙටුතෙම සිතන්නේ මේ පුරුෂතෙම මෙසේ තළනුලබන්නේද අන්කිසිවක් නොකියා මේ සතර පද යම කියන්නේය. මොහු අතින් විචාරන්නෙමි සිතා ඒ ස්ත්‍රිය නිදිවන් බව දැන තක්‍රපණ්ඩිතයන් අතින් විචාළේය. පින්වත් පුරුෂය තෙපි මෙසේ තාඩනය ලබන්නේද කවර කාරණයකින් මේ සතර පදයම කියව්දැයි විචාලේය.
|
| www.ජාතක කතා.org |