|
තවද එක් සමයෙක්හි ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ සැවැත් නුවර නිසා ජේතවන මහා විහාරයෙහි වාසය කරණසේක් එක්තරා බහුභාණ්ඩික භික්‍ෂූකෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.
සැවැත්නුවර වාසීහු එක් කෙළඹි පුත්‍රයෙක් තමාගේ භාර්යාව මිය පරලොව ගිය කල්හි ශාසනයෙහි මහණ වූයේය. එතෙම මහණවන්නට පූර්ව භාගයෙහිම තමා වසනු පිණිස පන්සලකුත් ගිනිහල් ගෙයකුත් බඩු හල්ගෙයකුත් කරවා බඩුගල්ගෙය ගිතෙල් තලතෙල් ආදීයෙන් පුරා මහණ වූ යේය. මහණ වූ පසු තමාසන්තක කෙල්ලන් කොල්ලන් කැඳවා ගෙන්වා ගෙණ රුචිවූ පරිද්දෙන් බත් මාළු පිසවාගෙණ අනුභවකරන්නේය. සිවුරු ආදීවූ බොහෝ පිරිකර ඇත්තේය. රාත්‍රියෙහි එක් අඳනයක් හා පොරවනයක් පොරෝණේය. දිවාභාගයෙහි අනික් අඳනය හා අනික් පොරෝණයක් වළදීන්නේය. විහාර කෙළවර වාසය කරන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් මේ භික්ෂූන් වහන්සේ සිවුරු හා ඇතිරි ආදිය ගෙන් පිටත්කොට මළුවේ වනා අවුගස්වන කලට බොහෝ දනව්වාසී වූ භික්ෂූන් වහන්සේ සෙනාසන චාරිකාවේහි ඇවිදිනාසේක් ඒ බහු භාණ්ඩික භික්ෂූන්ගේ මළුවට ගොස් සිවුරු ආදිය දැක මේ කාගේදැයි විචාළසේක. ඒ බහුභාණ්ඩික මහණ ඇවැත්නි මාගේ යයි කී සේක. ඇවැත්නි මේ සිවුරත් මේ අඳනයත් මේ අඳනයක් මේ ඇතිරියත් මේ ඇතිරියත් සියල්ලම තොපගේ දැයි විචාළසේක. එසේය ඇවැත්නි කී කල්හි භික්‍ෂූන් වහන්සේ කියනසේක ඇවැත්නි, බුදුරජානන් වහන්සේ විසින් තුන්සිවුරු අනුදන්නා ලදහ මෙසේ අපෙලච්ඡ වූ සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි තොපි මහණ වී මෙසේ බොහෝ පිරිකර ඇති කල වරෝ යම්හ තොප සර්වඥයන් වහන්සේ සමීපයට ගෙණයම්හ යි කියා ඒ භික්‍ෂූහූ කැඳවාගෙණ බුදුන් සමීපයට ගියසේක. බුදුහු දැකලාම කිමෙක්ද මහණෙනි, මේ භික්ෂූහූ නොකමැති පරිද්දෙන්ම කැඳවාගෙණ අවුදැයි වදාළසේක. එකල්හි භික්ෂූන් වහන්සේ කියනසේක් ස්වාමීනි මේ මහණ බහු භාණ්ඩිකය බහු පරිෂ්කාර ඇත්තේයයි දැන්වූසේක. එබස් අසා බුදුහු මහණ තා බහුභාණ්ඩික වූයේ සැබෑදැයි විචාරා වදාළ සේක. ස්වාමිනි සැබෑවයි ඒ මහණ දැන්විය. එ බස් ඇසූ බුදුහු මහණ තෝ කවර කාරණයකින් බහුභාණ්ඩිකවූ වෙහිද මම නොයෙක් කාරණයෙන් අල්පේච්ඡ බව හා සන්තුෂ්ට භාවයෙහිද කායවිවේක චිත්තවිවේක හා විදර්ශනා භාවනාකිරීමෙහි විර්යවැඩීමෙහි ගුණ කීයෙහි නොවේදැයි වදාළසේක. ඒ බහු භාණ්ඩික භික්ෂූන් වහන්සේ බුදුන් වදාල බස් අදා කිපි එසේකල මේ සැටියේ ඇවිදීම්දැයි පොරෝණය දමා පියාභය බස් අසා කිපී එසේකල මේ සැටියේ ඇවිදීම්දැයි පොරෝණය දමා පියාභය ලජ්ජා නැතිව පෂිත් මධ්‍යයෙහි තනි අඳනයෙන්ම සිටිසේක. එකල්හි සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් පිටිවහල් වන සේක් මහණ තෝ පෙර බලවත්වූ භය ලජ්ජා ඇත්තෙහි නොවේදැයි දියරකුස්ව උපන්නාවූ කාලයෙහිත් භය ලජ්ජා දෙක සොයමින් දොළොස් අවුරුද්දක් විසුයෙහි නොවේදෝ. එසේ වූ තෝ දැන් කවර කාරණයකින් මෙබඳූ ගරුවු සර්වඥශාසනයෙහි මහණව සිව්වණක් පර්ෂීන් මධ්‍යයෙහි පොරෝණය දමා භය ලැජ්ජා හැර සිටියේහිදැයි වදාළ සේක. එබස් ඇසූ මහණ භය ලජ්ජාදෙක එලවා ගෙණ දමා පූ සිවුර නැවත පොරවාගෙණ බුදුන් වැඳ එකත් පස්ව උන්නේය. අවශේෂ භික්ෂූන් වහන්සේ ඒ අර්ථය ප්‍රකරණ පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළසේක. බුදුරජානන්වහන්සේ අන්‍යභවයෙන් පිළිසන්වූ කාරණය ප්‍රකාශකොට වදාළසේක.
|