|
තවද එක්සමයෙක්හි ලෝකොත්තම වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් සංකෙලශයක් අරභයා මේ ජාතකය වදාළසේක.
සැවැත්නුවර වාසීවූ එක් කුලපුත්‍රයෙක් සර්වඥයන් වහන්සේගෙන් ධර්මදේශනාව අසා පැහැද ශාසනයෙහි ලැදි මහණව සියළු ප්‍රතිපත්තියෙහි පිළිපදින්නේය. ඒ යෝගාවචරයන් වහන්සේ ඇමවෙලෙහි සිතින් නොහරණ ලද කමටහන් ඇතිව එක් දවසක් සැවැත්නුවර පිඬුසිඟා ඇවිදනසේක් ස්වර්ණාභරණෙයෙන් සැරහුණාවූ ස්ත්‍රියක් දැක සුභවශයෙන් ඉන්ද්‍රියයන් බිඳ බැලූ සේක. ඒ භික්ෂූන් වහන්සේගේ අභ්‍යන්තරයෙහි කෙලේශයෝ චලිත වූහ. වෑයෙන් කොටනලද කිරි ගසක් මෙන් විය. භික්ෂූන් වහන්සේ එතැන් පටන් කෙල්ශවසඟව කායාසවාදයක්වත් චිත්තාස්වාදයක්වත් නොලබනසේක් භයපත්ව වෙවුලන්නාවූ මුවෙකු හා සමානසේක. ශාසනෙහි ඇළුම් නැති බැවින් දික්ව ගියාවූ කෙසේ ලොම් නිය හා කිලිටුවූ සිවුරු ඇතිසේක. ඉක්බිත්තෙන් ඒ භික්ෂූන්වහන්සේගේ ඉන්ද්‍රිය විකාර දැක සහාය භික්ෂූන් වහන්සේ කියන සේක් ඇවැත්නි තොපගේ චක්‍ෂුරාදී ඉන්ද්‍රියෝ පෙරත් නොවෙති.
ඊට කාරණා කවරේදැයි විචාළසේක්. ඇවැත්නි ශාසනයෙහි ඇළුම් නැතිවීම් කී සේක. සර්වඡයන් වහන්සේ මහණෙනි මේ භික්ෂූහූ නොකමැති පරිද්දෙන් කුමක් පිණිස කැඳවාගෙණ අවුදැයි විචාළසේක් ස්වාමීනි මේ මහණ ශාසනයෙහි ඇළුම් නැත්තේයයි දැන්වූසේක. සැබෑද මහණයි විචාළ කල්හි සැබැව ස්වාමින් දැන්වූසේක. තා තා උකටලී කරවුවෝ කවුරුදැයි විචාළ කල්හි ස්වාමීනි මම පිඬුසිඟා ඇවිදිනේනම් එක් ස්ත්‍රියක් ඉඳූරන් බිඳ බැලීම්, එකල මට කේල්ශයෝ චලිතවූහ. ඒ කේලශයන්ගෙන් චලිතවීමෙන් ශාසනයෙහි ඇළුම් නැතිවීම, දැන්වූසේක. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූහට වදාරණසේක් මහණ තෝ ඉන්ද්‍රියන් බිඳ විෂභාගාලම්බනය සුභවශයෙන් ලබන්නෙහි කේලශයන් විසින් කම්පා කරණලද්දෙහිය යන යමෙක් ඇත්නම් ඒ තෙමේ ආශ්චර්ය නොවන්නේය. පෙර පඤචාභිඥා අෂ්ටසමාපත්ති ලාභීව ධ්‍යාන බලයෙන් ක්ලේශයන් විෂ්කම්භනයකොට පවා ඉන්ද්‍රියයන් විෂභාගලම්බන බැල්මෙන් ධ්‍යනයෙන් පිරීහී ක්ලේශයෙන් කම්පිතව මහදුක් අනුභව කළාහුයයි මහමෙර උපුටා එලන්ට නිසුවූ මාරුතය ඇතෙකු සා පමණ ඇති ක්‍ෂුද්‍ර පර්වතයෙක්හි පැකිලියේද සියක් යොදුන් උස ඇති මහ දඹගස මුලින් උදුරන්ට නිසිවූ මාරුතය ඉවුරුබුන් ගන්තෙර හටගත් ක්‍ෂුද්‍ර වෘක්‍ෂයෙක පැකිලියේද මහ සමුද්‍රය වියලාපියන්ට සමර්ථවූ මාරුතයකුදු වැගොන්නක දිය වියලා තොපි යාද එසේ හෙයින් මෙසේ වූ බුද්ධි ඇති පිරිසිදු චිත්තසන්තාන ඇති බෝධිසත්වයන් අඥාන කරවන්නාවූ ක්ලේශයන් නිසා කිලිටුව යෙති, උත්තමවූ යසසින් යුක්ත වූ සත්වයෝ අයසෙට පැමිණෙති වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.
|