|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරණ කල්හි තුන් දෙනෙක් මහා වන සමීපයෙහි සිසාති යන සියල්ලම යට කීයන ලද්දේ හා සමාන වන්නේය. එසමයෙහි වනාහි රජ්ජුරුවන් විසින් තුන්දෙනාගෙන් කවුරුන් කැමැත්තෙහිදැයි විචාරකල්හි ස්ත්‍රිය කියන්නී ස්වාමිනි තුන්දෙනාම දෙන්ට නොපිළිවන්දැයි කිවුය. එසේය තුන් දෙනාම දෙන්ට නොපිළිවනැයි කී කල්හි ඉදින් තුන්දෙනාම දෙන්ට නුඹ වහන්සේට නොපිළිවන්වී නම් මාගේ මළනුවන් මට දුනමැනවයි කිවුය. රජ්ජුරුවන් විසින් පුත්‍රයාවත් වල්ලභයාවත් හැරගණුව තිට මළුනුන්ගෙන් ප්‍රයෝජන කිම්දැයි කී කල්හි ස්වාමිනි වල්ලභයන් හා පුත්තු නම් සුළභයෝය. මල්වූකලී ලැබගත නොහැක්කාහුයයි කියන්නී මෙසේ කිවුය. රජ්ජුරුවන් වහන්ස යම්සේ වලටවැද ඉනවටකොට දෙන්ම ස්ත්‍රීන්ට පුත්‍රයෝ නම් සුලභවන්නාහුය. ඉනතුබූපලහා සමාණයෝය. මගටබසැ උදකලාව යන්නාවු ස්ත්‍රියට වල්ලභයෝ නම් සුලභයෝය. දුටු කෙනෙක් ම වල්ලභ වෙති. යම්ගෙයකින් මට දෙමව්පියයෝ නැද්ද එසේ හෙයින් මම දැන් එකකුසින් ඔත් සහෝදරවූ මලනුකෙනෙකුන් යම්තෙනකින් හෙණෙම් නම් ඒ මාතෘ කුක්‍ෂී සංඛ්‍යාතවූ අන්‍යදේශයක් නොදකිමි එසේහෙයින් මා මලනු වන්ම දුනමැනවයි කිවුය. රජ්ජුරුවෝ මේ ස්ත්‍රීය සැබැවක්ම කියන්නී යයි සතුටු වූ සිත් ඇතිව තුන්දෙනාම සිරගෙන් ගෙන්වා පාවාදුන්නාහුය. ඒ ස්ත්‍රී තුන්දෙනාම කැඳවාගෙණ තමන් වසනාවූ ස්ථානයටම ගියාය. ශාස්තෘවූ බුදු රජානන් වහන්සේ මහණෙනි මේ ස්ත්‍රිය මුන් තුන්දෙනා දුකින් ගැලවූවාදැන් මතු නොවෙයි පෙරත් ගැලවූමයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ උච්ඡංග ජාතකය නිමවා වදාළසේක.
|
| www.ජාතක කතා.org |