|
| www.ජාතක කතා.org |
|
මහණෙනි මේ බමුණා යටගිය දවස අතුරක් නැතිව පටිපාටියෙන් පන්සියයක් ජාති මුළුල්ලෙහි මට පිය විය. පන්සියයක් ජාති මුළුල්ලෙහි මට සුළු පියවිය. පන්සියයක් ජාති මුළුල්ලෙහි මට මහළු පිය විය. මේ බැමිණිත් අත-රක් නැතිව පිළිවෙළින්ම පන්සියයක් ජාති මුලුල්ලෙහි මට මව් විය. පන්සියයක් ජාති මුළුල්ලෙහි කුඩා මව් විය. පන්සියයක් ජාති මුළුල්ලෙහි මැහැලි මව් විය. මෙසේ යෙළ දහසක් ජාති මුළුල්ලෙහි බමුණා අත වැඩිනම් යෙළෙදහකක් ජාති මුළුල්ලෙහි බැමිණිය අත වැඩි නම් මෙසේ යෙළ දහසක් ජාති මුළුල්හෙි මොහු දෙනෙ මව්පියවුහයි වදාරා ධර්මදේශනා කොට වදාළසේක. යම් පුද්ගලයෙක්හූ දුටු පමණිකින්ම ඔහු කෙරෙහි සිත පහදිද මොලොක්වේද ස්වභාවයෙන් ඒ උපන්ජන්මයෙහි පෙරනුදුටුවිරූත් ඒ පුද්ගලයා කෙරෙහි අනුභූත පූර්වස්නෙහ වශයෙන්ම ඒකාන්තයෙන්ම සත්වතෙමේ විශ්වාසයට පැමිණෙන්නේයයි මෙසේ ධර්මදේශනා කොට වදාළසේක. මෙසේ ශාස්තෘ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ සාකෙත ජාතකය නිමවා වදාළ සේක.
|
| www.ජාතක කතා.org |