
තවද එක් සමයෙක්හි බුදුහු දෙව්රම් වෙහෙර වැඩවසනසේක් භාවනා කිරීමෙහි හරණලද වීර්යය ඇති භික්ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.
යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝ සතානෝ සාන්තු නායක කුලයෙහි පිළිසිඳගෙන වැඩි විය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය. මෙසේ වෙළදාම් කොට ඇවිදිනාහු මහා බෝධි සත්වයෝ එක් කලක මරු කතරක පැමිණියාහුය. ඒ වාළුකා කාන්තාරයෙහි වැලි ඉතා සියුම් වන්නේය. මිටින් ගත්වැලි මිට නොසිටින්නේය. හිරු නැගි වේලෙහි පටන් කිහිරඟිරු රැසක් මෙන් කකියන්නේය. පයින් වැලි මැඩගෙන යන්ට නොපිළිවන. එසේ හෙයින් ඒ වාළුකා කාන්තාරයෙහි යන්නා වූ සත්වයෝ දර පැන් තෙල් සහල් ආදිය ගැලින් අරගෙන රාත්‍රියෙහි ගොස් අරුණ නැගුණ වේලෙහි ගැල් මුදා ගැල් පට වලල්ලෙහි සිටුවා මුදුනෙහි කොළ මඩු ඉදිකොට වේලාසනම කා බී ඇකිල මණ්ඩප ඡායාවෙහි ඉඳ දවස් යවා ඉර බැස ගිය කල්හි රාත්‍රි භෝජනය අනුභව කොට බිම සීතලව ගිය කල්හි ගැල් යොදා ගෙන යන්නාහුය. සමුද්‍ර යාත්‍රාවක් හා සමාන වූ ගමන් වන්නේය. ගැල් පදවා ගෙන යන ප්‍රධාන පුරුෂ තෙමේ ගොඩ නියමුවා යැයි නම් ලබන්නට සුදුසු වන්නේය. එසේ හෙයින් තරුසලකුණින් ගැල් සාත්තු පදවාගෙන යන්නේය. අප මහා බෝසතානෝද එකල්හි මේ ක්‍රමයෙන් ඒ මරු කතර යන්නාහු එකුන් සැට යොදුනක් ගොස් දැන් එක රාත්‍රියකින්ම මරුකතර ගෙවා සේම භූමියට පැමිණීම වන්නේයැයි කියහැකි. අවස්ථාවෙහි සවස බත් අනුභව කොට සියළු දර පැන් නිමවා ගැල් යොදා ගෙන නික්මුනාහුය. නියාම පුරුෂයානෝ ඉදිරියේ යන ගැල දික් සඟලා පුටුවක් අතුරුවාගෙන ආකාශයෙහි තරු සලකුණු බලමින් ගැල් මෙසේ පදුව මෙසේ පදුවයි කිය කියා වැදහොත් තැනැත්තෝය. බොහෝ කලක් නොනිදු බැවින් නින්දෙන් මිරිකී නිදන්නට පටන් ගත්තාහුය. එකල්හි ගොන් කරකැවි ආපස්සේ නික්මුනා බව නොදන්නාහු ගැල් අඳනාගොන් සකල රාත්‍රියෙහි අවුත් පළමු දවස් ලැගි තැනටම පැමිණියාහුය. සාත්තු නායක තෙමේ අරුණ නැගෙන වේලෙහි පිබිද නැකැත් තරු බලා ගැල් රඳව රඳවයි කීයේය. මෙසේ කියා ගැල් කරකවා පිළිවෙළින් සිටුවමින් සිටියදීම අරුණු නැංගේය. මනුෂයෝ කියන්නාහු මේ අපගේ කඳවුරු බැඳ උන් තැනය. අපගේ දර පැනුත් නිමවා ගියේය. දැන් නටුවෝමෝදැයි කියා ගැල් මුදා ගැල් වට වලල්ලෙහි සිටුවා මුදුනේ මණ්ඩපයක් කොට තම තමන්ගේ ගැල් යට සෝක ගෙන උන්නාහුය. එවෙලෙහි අප මහ බෝසතානෝ මා විර්ය ඇරපුවොත් සියල්ලෝම නසිතියි සිතා උදෑසන සිසිල් වේලේම ඇවිදිනා තැනැත්තෝ එක් ඊ තන පඳුරක් දැක මේ තණ පඳුරට දිය උරමින් නැංගේ වනැයි සිතා උදැල්ලක් ගෙන්වා ගෙන ඒ ඊතන පඳුර තිබු තැන කණින්ට පටන් ගෙන සැට රියනක් පමණ කැණපූය. මෙතෙක් තැන් කැණ නැවතත් පල්ලේ කන්හයි උදුලු එලන්නාවු මනුෂ්‍යන්ගේ උදුලයට ගල තල මත්තේ වැද ගන්නට පටන් ගත් කල්හි ඇම දෙන අවීරියව ගියහ. බෝධි සත්වයෝ වනාහී වම් ගල තලින් යට පැන් විය යුතුයයි සිතා ලිඳට බැස ගල තල මත්තෙහි සිට නැමී තමා දියේ යන හඬ පරීක්ෂා කරන්නෝ ගල තල යටින් දිය යන අඬ අසා ලිදෙන් ගොඩ නැගී තමන්ගේ අතවැසි පුරුෂයා හට මෙසේ කිවුය. දරුව තොප අවීරියව ගියෝත් අප සියල්ලෝම නසුම්හ. එසේ හෙයින් තොපි අවීර්යව නොවි පසුනොලැබ වීර්ය වඩා මේ යකුල ගෙන ලිඳට බැස මේ ගල තල මත්තෙහි කුළු ගණනක් එලාපියවයි කියුය. ඒ අසා අතවැසි පුරුෂ මහ බෝසතානන්ගේ වචනය පිළිගෙන ඇමදෙන වීර්ය තබා පියා සිටි කල්හි තෙමේ විර්ය නොහැර ලිඳට බැස ගල තල මත්තෙහි යකුලු ගණනක් එලාපුයේය. එකල්හි ගල තල මධ්‍යනේ බිඳි යට වැටි අවිචින්නව පවත්නා වූ ජල ප්‍රවාහනය ඇස වාගෙන සිටියේය. නාඹ තල් කඳක් සා දිය කඳක් උඩ පැන නැංගේය. එකල්හි සියළු මනුශ්‍යයෝ පැන් බී ජලස්නානය කොට ඉතිරිව තිබු ගැල් සක් ආදිය පුරා කැඳ බත් ආදිය පිස අනුභව කොට ගොනුන් පැන් පොවා තණ ආදීය කවාගෙන ඉර බට වේලෙහි ලිඳ සමීපයෙහි දදජයක් බැඳ මරු කතර ගෙවා තමන් විසින් කැමතිව නල ලද්දා වූ ස්ථානයටම ගියාහුය. ඒ මනුෂ්‍යයෝ තමන් අභිප්‍රාය ස්ථානයෙහිදී බඩු විකුට එකට දෙක හා එකට සතර නියායෙන් දෙදියුණු සතර දියුණු ලාභ ලැබ තමන් පළමු වසන්නා වූ ස්ථානයටම පෙරලා ආවාහ. ඒ හැම මනුෂ්‍යයෝ එහි වසන්නා වූ ආයු පමණින් සිට කම් වූ පරිද්දෙන් මිය පරලව ගියාහය. මහබෝසතානෝද ධානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියාහුය. තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා තවද මත්තෙහි ඒ භික්ෂූන් වහන්සේට ධර්ම දේශනා කරන සේක් යම් සේ වෙළදුන් නොකූසිතව මරු කතර ලිං බැඳ පැන් ලද්දාහුද එපරිද්දෙන්ම මේ සර්වඥ ශාසනයෙහි මහණව නුකූසීතව වීර්ය කරන්නා වූ නුවණැති මහණ තෙමේ iාන මෝක්ෂා මාර්ගඵල ආදී වූ ප්‍රභේද ඇති ලය සැනසීම ලබන්නේය. මහණ තෝ පෙර පැන් පමණක් නිසා වීර්ය කොට දැන් මෙබඳු ර්‍නෛයාත්මික සාසනයේ මහණව මාර්ගඵලයට පැමිණීමෙහි කවර කාරණයකින් වීර්ය ඇරපුයෙහිදැයි මෙසේ නැවතත් ධර්ම දේශනා කොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයැයි කියන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට වදාල සේක. චතු සත්‍යය දර්ම දේශනාවගේ කෙළවර පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. සාතෘ වූ බුදුරජානන්වහන්සේ අතීත කතාවත් වර්ථ මාන කථාවත් දෙක එක් කොට අනුසන්ධි ගලපා මේ වන්ණුපත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි නුපසුබට වීර්ය ඇති ගල තල බිඳ මහජනයාට පැන් දුන් අතවැසි පුරුෂයා නම් දැන් මේ පසුබට වීර්ය ඇති මහණ වන්නේය. එසමයෙහි මරු කතර ගියා වූ සෙසු පර්ෂද නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ. එසමයෙහි සාත්තු නායක පුත්‍ර නම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.





